IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුදලිගේ මුදාහරියි

විමුක්ති එස්. රුද්‍රිගු

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ වසන්ත මුදලිගේ රැඳවුම් භාරයෙන් නිදහස් කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් ලබා දී ඇති ප්‍රකාශ ඔහු රඳවා තබා ගැනීම සඳහා, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ලබා දී ඇති ප්‍රකාශ බවත්, එම ප්‍රකාශ කිසිදු සාක්ෂියකින් තහවුරු නොවන බවත් තීන්දුවේ සඳහන් වේ.

සාක්ෂිකරුවන් 42 දෙනකුගේ ප්‍රකාශ සහිත සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවේ, වසන්ත මුදලිගේ සිදුකළා යැයි පවසමින් ලබා දී ඇති ප්‍රකාශ වෙනත් කිසිදු සාක්ෂියකින් තහවුරු නොවන බවත්, ඇතැම් ප්‍රකාශ මාස ගණනක් පසු වී සම්පිණ්ඩන වාර්තාව සඳහා ලබා දී ඇති බවත් තීන්දුවේ දැක්වේ.

වසන්ත මුදලිගේට කිසිදු ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ත්‍රස්තවාදී සංවිධානයකින් මුදල් ලැබුණු බවට සාක්ෂිවලින් අනාවරණය වී නොමැති බවත්, අරගලයට පුද්ගලයන් ගෙන ඒම සඳහා අවශ්‍ය තරම් මුදල් ලබා දීමට වසන්ත මුදලිගේ සූදානම් යැයි තමාට පැවසූ බවට ගැමුණු විජේරත්න නම් පුද්ගලයා කළ ප්‍රකාශයද සාක්ෂිවලින් තහවුරු වී නොමැති බවත් තීන්දුවේ සඳහන් කර ඇත.

අරගලයට පසු කලෙක මෝටිවේෂන් අප්පච්චි නම් පුද්ගලයා ප්‍රචණ්ඩ වූ බවට ප්‍රකාශ කළද වසන්ත මුදලිගේ ප්‍රචණ්ඩ ලෙස හැසිරුණු බවට ප්‍රකාශ කර නොමැති බව ද තීන්දුවේ සඳහන් වේ.

වසන්ත මුදලිගේ, පොලිස් නිලධාරියකු ඇදගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබා දී ඇති ප්‍රකාශය සාක්ෂි මගින් අනාවරණය වී නොමැති බවත්, පොලිස් නිලධාරීන් විශාල පිරිසක් සිටි තැනක එම නිලධාරියාගේ ප්‍රකාශය හැර වෙනත් කිසිදු පොලිස් නිලධාරියකුගේ සාක්කියක් ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී නොමැති බවත් තීන්දුවේ දැක්වේ.

පොලිස් නිලධාරීන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට එකිනෙකට වෙනස් ප්‍රකාශ ලබා දී ඇති බවත් පොලිස් නිලධාරීන් එලෙස ප්‍රකාශ ලබා දී ඇත්තේ වසන්ත මුදලිගේ තවදුරටත් රඳවා තබා ගැනීමට බව නිරීක්ෂණය වන බවත් මහේස්ත්‍රාත්වරයා දුන් තීන්දුවේ සඳහන් වේ.

පොලිස් නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇති බව පෙනෙන්නට ඇතැයි ද තීන්දුවේ සඳහන් කර ඇත.

වසන්ත මුදලිගේ තර්ජනය කළා යැයි පවසමින් සහකාර පොලිස් අධිකාරි රුද්‍රිගූ මහතා කර ඇති ප්‍රකාශය විශ්වසනීයත්වයෙන් තොර, පසුව නිර්මාණය කරන ලද ප්‍රකාශයක් බවත්, ඔහු වසන්ත මුදලිගේ රඳවා තබා ගැනීම සඳහා එම ප්‍රකාශය කර ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.

ඔහු ඉන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කර ඇතැයි ද තීන්දුවේ දැක්වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පළමු කොටසේ වැරැදි සාමාන්‍ය නීතිය යටතේ වැරැදි වන බවත්, එම වැරැදි සඳහා විශේෂ නීතියක් පනවා ඇත්තේ එම වැරැදි ත්‍රස්තවාදීන් විසින් කරන ලද විට දැඩි දඬුවම් පැනවීමට බවත් තීන්දුවේ සඳහන් වේ.

නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදියා පිළිබඳ අර්ථ නිරූපණයක් සඳහන් නොවන බවත් ඒ පිළිබඳ නඩු තීන්දුවක් නොමැති බවත් එහි දැක්වේ.

එවැනි අවස්ථාවක පොලිසිය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අත්තනෝමතිකව යොදා ගන්නා බවත්, විමර්ශන කටයුතු අවසන් වන තෙක් ඇප ලබා දීම වළක්වාලමින් රැඳවුම් භාරයේ තබා ගැනීමට ඇතැම් විමර්ශකයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගන්නා බව නිරීක්ෂණය වී ඇති බවත් මහේස්ත්‍රාත්වරයාගේ තීන්දුවේ සඳහන් වේ.

වසන්ත මුදලිගේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වැරැදි කළ බවට සාක්ෂි මගින් අනාවරණය නොවන බව තීන්දු කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ අනුව වසන්ත මුදලිගේ නිදහස් කිරීමට නියෝග කළේය.

 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (42)

මුදලිගේ මුදාහරියි

harsha Tuesday, 31 January 2023 02:01 PM

ආණ්ඩුව චන්දෙට ලෑස්ති වෙනව වගේ

:       18       99

senaTuesday, 31 January 2023 03:05 PM

චන්දෙ නෙවෙයි I M F

:       12       93

SIRISENATuesday, 31 January 2023 06:00 PM

වසන්ත, විස්වවිද්යල අදයපනය ලබන සිසුන්ට කරදයක් නොවී, ඔබ විස්වවිද්යල අද්‍යාපනය ලබා නොගන්නේනම් දැන්වත් ඉවත් වෙන්න.

:       28       10

දාස Tuesday, 31 January 2023 02:08 PM

අහන්නත් සතුටුයි ,රටෙ දුක් විදින ජනතාවට සහන ලබා ගන්නයි මොහු පාරට ආවෙ. ත්‍රස්ත පනත පාවිච්චිකරල මොහුට කල අපරාදයට රනිල් ප්‍රමුක රජයට වන්දි ගෙවීමට වැඩි කලක් නොගොස් සිදුවනු ඇත.

:       59       189

I. R Fassey Tuesday, 31 January 2023 03:23 PM

රටේ ජනතාව කෙසේ වෙතත් තමන්ගේ මව බලන්න අවුරුද්දකට වැඩි කාලයක් ඔහු ගොස් නැත .මුලින් කල යුත්තේ මවගේ යුතුකම් ඉෂ්ට කිරීම.එතනයි ඔහුට වැරදුනේ

:       122       42

ධනුෂ්ක Tuesday, 31 January 2023 08:26 PM

සිදුහත්

:       10       2

නිහාල් Wednesday, 01 February 2023 10:57 AM

කඩන්න බැරි මීයට ගල් ගැසීම.

:       4       5

සන්කාTuesday, 31 January 2023 04:04 PM

තරුණ කොල්ලනි... රාජපක්ෂ රෙජීමය සහ රනිල් නැති ආන්ඩුවක් සදහා සමස්ත ලාංකේය ජනතාවම නුඹලා එක්ක ඉන්නවා.ජයෙන් ජය!!!!!!!!

:       30       117

කෝරළගේTuesday, 31 January 2023 04:45 PM

වන්දි ගෙවන්නේ කවුද? සම්බන්ධ වූ අයගේ පුද්ගලික මුදල් මත විය යුතුය. නමුත් කණගාටුදායක තත්ත්වය නම් අපේ නීති පද්ධතියට යුක්තිය පසිඳලීමට දින 150කට වැඩි කාලයක් ගත වීමයි

:       12       93

aravinda Monarawila Tuesday, 31 January 2023 02:13 PM

ජයවේවා !!!

:       43       119

ජගත් ලියනගේ Tuesday, 31 January 2023 02:24 PM

ජයවේවා!!!!! පුතා, ඔබ ගෙනගිය හොඳ වැඩ සියල්ලම ඒ විදියට කරගෙන යන්න. අපි ඔබත් සමඟයි සැමදාමත්ම.

:       50       143

mewan Tuesday, 31 January 2023 02:29 PM

ඔය ටික තේරුම් ගන්න ගිය කාලයක්. චන්දෙ ලං වෙනකම් මේ බුද්ධිමතුන්ට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එල්ල වී ඇති චෝදනා වසන්ත මුදලිගේට අදාළ නොවන බව තේරුම් ගියේ නැති හැටි.

:       20       74

sugath Tuesday, 31 January 2023 02:32 PM

ජය වේවා !!!

:       30       87

sarath perth Tuesday, 31 January 2023 02:47 PM

ජය වේවා !!

:       30       78

ANURA Tuesday, 31 January 2023 02:55 PM

එක් මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරයකු ලෙස පත් කළ යුතුයි. එසේ කිරීමට මහා පුරුෂයෙක් හෝ මහා පක්ෂයක් තිබේද?

:       33       24

Hafeel Tuesday, 31 January 2023 03:16 PM

රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහිව ලැබුණු තීන්දුව සහ ජයග්‍රහණය.

:       20       71

විජිත් Tuesday, 31 January 2023 03:17 PM

ගරු අධිකරණයට ස්තුතියි , ජයවේවා !!!

:       15       60

fairoos Tuesday, 31 January 2023 03:21 PM

අරගලයට ජයවේවා .සත්‍ය කවදා ගෝ ජයගනී

:       22       61

ජයන්ත මිලානො Tuesday, 31 January 2023 03:39 PM

නිස්කාරනේ ඔහුව අත් අඩංගුවට ගෙන ,ඔහුගේ කාලය , කල හිරිහැර සහ සියලුම මානව හිමිකම් කඩවීම පිලිබඳ නඩු පවරන්න වන්දි ගන්න බැරිද?

:       17       82

Dharmatileke Tuesday, 31 January 2023 03:42 PM

වසන්තේ උදාඋනා..... මොහුට වන්දියක් ගෙවිය යුතුයි.

:       18       66

HARAMANIS Tuesday, 31 January 2023 03:47 PM

ඩිංරි එක හම්බ උනාද ??? ගත්තද???

:       42       24

ගමේ එකාලා Tuesday, 31 January 2023 03:49 PM

වසන්ත එළියට බැස්සේ ..දූෂිත දේසපාලුවෝ කරපු විනාසෙට. ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවන්ට විරුද්ධව .නියම ත්‍රස්තවාදීයෝ ඉන්නේ ආණ්ඩුවේ .පින් ජනපතියා ගේ පිහිටෙන් .

:       25       76

JanahithaTuesday, 31 January 2023 04:39 PM

සහතික ඇත්ත .නමුත් බයියෝ 5 ප්‍රගතිශීලී 6 .ඔන්න ඕකයි තත්වය

:       13       27

ranjith Tuesday, 31 January 2023 04:28 PM

නීති විරෝදී විදියට මෙම දරුව සිර බාරයේ තබා ගැනීම ට වරද කරුවන්ට උපරිම දඩුවම් දෙන්න

:       16       67

Wedage Upali Seneviratne Copenhagen Denmark Tuesday, 31 January 2023 04:41 PM

වසන්ත මුදලිගේ මහතා තරුණ පරපුර අතර සාඩම්බර නිවැරැදිකරුවෙකි. කිසිඳු පැකිලීමක් බියක් නොමැතිව තම අදහස් ඉටුකළ ඔහුටත් ඔහුගේ මිතුරු මිතුරියන් සියලු දෙනාටත් සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කරමු. ආශීර්වාද හා වාසනාව සමඟ. ඔහුගේ අනාගතය

:       28       75

පිටිගල මිලානෝ Tuesday, 31 January 2023 06:00 PM

මෝඩයෙක්ව එළවාදැමූ තරුණයා දැන් ඉතුරු හැතිකරෙත් එළවමු…..!

:       2       14

Bamunuarachchi Tuesday, 31 January 2023 06:17 PM

නැවත ඔය ගොයියා ඇතුලට යනවා මොනවද ඔට්ටු?

:       11       8

Lal Tuesday, 31 January 2023 06:23 PM

දැන් ත්‍රස්තවාදියා නිදැල්ලේ... මාර්ග අවහිර කිරීම්වලට සූදානම් වන්න

:       13       7

Don perea Tuesday, 31 January 2023 07:41 PM

රැට්ටා ගොඩයාමක් නැත .යුනිවර්සිටි ළමයි ඉගෙනගෙනත් ඉවරයි

:       7       7

Rohana Tuesday, 31 January 2023 09:06 PM

දැන් ඡන්ද ගන්න කවුරු නිදහස් කලත් වැඩක් නෑ. මේ ආණ්ඩුව ගෙදර යවනවා.

:       4       10

සිහ නද Tuesday, 31 January 2023 09:25 PM

මුදලිගේට රටට වැඩක් ඇති දේශපාලන ගමනක් යා හැකියි. ඒ සඳහා ජනතා ආශිර්වාදයද තිබෙනවා . නමුත් අනුර කුමාර වගේ කුහකයෝ එයට ඉඩ දෙන්නේ නැහැ . අනුර කුමාර ජවිපෙන් එලවා දමා ජනතා දුක හඳුනන , ඇමරිකන් තානාපතිට ඕන දේවල් නොකරන , පච නොකියන , යහපත් ජනතා නායකයකු පත් කල යුතුයි . මුදලිගේ , ඔබ මෙයට නායකත්වය ගත යුතුයි

:       8       8

Mendis Boossa Wednesday, 01 February 2023 01:40 AM

පිටරටවල ඉන්න බයියෝ තමයි මුන්ව ෆෝම් කරන්නේ .උන් කාලා බීලා ලංකාවට බනිනවා .නමුත් ඔක්කොම ඉන්වෙස්ට් කරන්නේ ලංකාවේ

:       11       4

වරිගෙලා ඇත්තෝ Wednesday, 01 February 2023 01:47 AM

ඕං ආයේ ගෝල්ෆේස් පැත්තේ එහෙම යනවා නෙමෙයි. මුලින්ම ගිහින් අම්මා බලලා වරෙන් මයේ පුතේ. උන්දෑ බොහොම දුකින් ඉන්නේ. උඹට අම්මා ගැන කැක්කුමක් නැති උනාට අම්මා කෙනෙකුට දරුදුක තියෙනවා හැමදාම.. ඊට පස්සේ ඉගෙනගන්න බලපන් පුළුවන් විදියට. මදැයි අරගල කොරලා කරගත්තු සිස්ටම් චේන්ජ් එක. හොටු ගෑනි දීලා කැහි ගෑනි ගත්තා වගේ කියන්නේ මේකටද මන්දා.

:       8       10

jayantha Rathnayake Wednesday, 01 February 2023 07:28 AM

රදවා ගැනීම සදහා කටයුතු කළ අයට...........බොරු චෝදනා කළ අයට.........උසස් වීම්ද. .මෙසිරි ලක අනේ මන්දා

:       4       8

රටවැසියෙක් Wednesday, 01 February 2023 08:36 AM

අරගල කරලා චන්දෙන් පත්වුන ජනාධිපති පැන්නුව. ඒක වරදක්. මිනිස්සු චන්දෙන් පත්කළේ මිනිස්සුන්ගේ කැමත්ත නිසයි. කොහොමද කීපදෙනෙක් එකතුවෙලා එහෙම කෙනෙක් පන්නන්නේ.

:       6       7

saman Wednesday, 01 February 2023 08:47 AM

පොලිසිය කරන බොරු වලට විරුද්දව අපිට උසාවි යන්න බැරිද, මේ වගේ අවස්ථාවල?

:       3       9

නිළමේ Wednesday, 01 February 2023 12:20 PM

බොට අමු කැවිලද. හිරේ විලංගුවේ වැටෙන්නද හදන්නේ.. ගොය්යෝ මේ ලංකාව කියලා අමතක උනාද.

:       2       7

SamanThursday, 02 February 2023 08:57 AM

කාලකන්නි දෙශපාලුවෝ විනාශ කරපු ලස්සන රටක් .ආයේ නම් ඉපදුනොත් මෙහෙම තැනක් ඉපදෙන්න එපා

:       0       0

Bamunuarachchi Wednesday, 01 February 2023 10:23 AM

ඔයා මේ රටේ පුරවැසියෙක්ද තූත්තුකුඩියේ පුරවැසියෙක්ද? අරගල කරපු එවුන් අන්න සජියගේ නැට්ටේ එල්ලිලා...

:       6       8

sam Wednesday, 01 February 2023 11:36 AM

ගැමුණු කියන අවජාතිකයයි ,මොටිවේෂන් අප්පච්චි කියන අවජාතකයි .සල්ලි වලට පිනට කහින්න ගිහින් කෙලෝගෙන .ගමුනුවා කියන්නේ අමු කුඩ්ඩා ,පාතාලයා.මොටිවේෂන් අප්පච්චි කියන්නේ පස්ස හරි විකුනලා සල්ලි ලැබෙනවානම් ඌ ඒකත් කරන වල බල්ලෙක්.මුන් දෙන්නම සක්කිලි

:       3       10

jayasekara Wednesday, 01 February 2023 12:41 PM

එලියට ඇවිල්ල කොල්ලො කෙල්ලො ටිකත් අල්ලගෙන අයෙමත් පටන් ගනි රට පෙරලන්න....

:       5       3

sharm warnWednesday, 01 February 2023 02:11 PM

ආ... ඇයි දැන් මේ රට මහ ඉහළින් නගාහිටුවලා තිබුණා කියලද හිතාගෙන ඉන්නේ..? අනේ දෙවියන්ගේ නාමෙට දැන්වත් ඔය වහල් හීනවලින් මිදිලා පොළවේ පයගහලා බලන්න මේ හොරු මේ රටට මොනවද මේ කරලා තියෙන අපරාධ කියලා...

:       3       3

ඔබේ අදහස් එවන්න

දියත

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 53 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 132 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 211 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 636 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1028 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 849 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site