
(ගයාන් සූරිය ආරච්චි සහ ප්‍රසාද් රුක්මල්)
මහියංගණ රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයට රැගෙනවිත් සිටි බදුලු මුතියංගණ රාජමහා විහාරයට අයත් 'මධූ' නමැති හස්තියා ඊයේ (12) පස්වරුවේ හසලක සෙවෙල බෝක්කුව ප්‍රදේශයේදී පැරැණි වැසිකිළි වළකට වැටී එහි සිරවී ජීවිතක්ෂයට පත්ව ඇතැයි හසලක පොලීසිය පවසයි.
ඇසළ පෙරහර මංගල්‍යයට පැමිණ සිටි අලි ඇතුන්ට ආහාර පිණිස ලබාදීම සඳහා කිතුල් කොට තොගයක් ඇතින්න ලොරියකට පටවන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.
වයස අවුරුදු පහක් පමණ වන විට එම ඇතින්න බදුලු මුතියංගණ රාජමහා විහාරයට ලැබී ඇති අතර මිය යන විට අවුරුදු තිහක් පමණ වයසෙහි පසු වූ බව පොලිසිය කියයි.
වැසිකිළි වළකට ඇදවැටුණු 'මධූ' ඇතින්න ගොඩට ගැනීමට ප්‍රදේශවාසීන්, පොලිසිය, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් මහත් ප්‍රයත්නයක් දැරූ අතර රාත්‍රී හතට පමණ ඇතින්න මියගිය බව පොලිසිය පවසයි.
වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.
හසලක පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිසානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකෙරේ.
COMMENTS
ඇත්ගොව්වා බීමත්ව සිටියේ නැතිද?
අසරණ සතෙක්. කවුරුත් නැහැ දැන් සාදු සාදු කියන්න. ඇයි මෙහෙම කරන්නේ?
මේ මෝඩ යක්කු ඉන්න ලෝකයේ අහිංසක සත්තුන්ට ජීවිතයක් නැහැ.. නිවන් සුව ලැබේවා...!
යහපත් මිනිස් ආත්මයක් ලැබේවා...! ස්විට්සර්ලන්තය, ස්වීඩනය, කැනඩාව, නවසීලන්තය, නෝර්වේ, ජපානය වැනි ශිෂ්ඨ සම්පන්න මිනිස්සු බහුතරයක් ඉන්න දියුණු රටක ඉපදේවා...!!!
මෙය සත්ත්ව ඝාතනයකි. කැලේ හිටපු අලියා හොරකම් කරගෙන ඇවිල්ලා එම අලියා වලක වැටී මිය යනකල් අලියාගේ අයිති කාරයා යැයි කියන අලි හොරා බුදියගෙනද හිටියේ…? වහාම මෙම අලි හොරාව අත්අඩංගුවට ගන්න.
අලි ඇතුන් පෙරහැර ට ගෙන යෑම නම් ගැටළු සහගත දෙයක් නෙවෙයි. නමුත් ඔවුන්ගෙන් ඇයි මෙවැනි වැඩ ගන්නෙ ? දැන් බැකෝ යන්ත්‍ර තියෙනවා. සතුන්ට ව්‍යායාම අවශ්‍යයි. ඒකට ඔවුන් ඇවිද්දවිය හැකියි.
මෙතරම් දියුනු ලෝකයේ සත්තුන්ගෙන් මෙහෙම වැඩ ගැනීම තහනම් කල යුතුය
ලෝකේ පව්කාරම අලි ඉන්නේ ලංකාවේ. පොඩි කාලේම පැටවා අම්මාගෙන් හොරකම් කරනවා. ඊට පස්සේ දම්වැල් දාලා මුලු ජීවිත කාලෙම වැඩ ගන්නවා.
හා... හා.. එහෙම කියන්න එපා. සතාට මොනවා වුණත්, අපේ 2500 වසරක අදීන, අසමසම, ලෝකෙට ණය නැති සංස්කෘතික උරුමය රැකගන්න ඕනෑනේ...!
අනාරක්ෂිත ස්ථානයක මෙවැනි දෙයක් කිරීමෙන් අහිංසක සතෙකුගේ ජීවිතය නැතිවීමට හේතු වූ පුද්ගලයින්ට පොලිසියෙන් නඩු පැවරිය යුතුයි. දඬුවම් ලබා දිය යුතුයි.
අලියා ඉන්නකන් එයාගැන නිකන්වත් හොයපු නැති ඕපාදූප ගොබ්බ බයියන් දැන් දාන කමෙන්ට්...
රටේ අනාගතයට බලපාන අසුභ සලකුනක්,