
(අමදෝරු අමරජීව)
මුතූර් තාහා නගර්හිදී සිය මිත්තණිය හා මිත්තණියගේ වැඩිමහල් සහෝදරිය ඝාතනය කළ බව කියන පහළොස්හැවිරිදි දැරිය ගම්පහ රන්මුතුගල පරිවාස නිවාස භාරයට පත්කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් නස්ලීම් මොහොමඩ් පවුසාන් මහත්මිය ඊයේ (15) නියෝග කළාය.
මෙලෙස ඝාතනය වුයේ මුතුර් තාහා නගර් පදිංචිකාරිනියන් වන සිරිදරන් රාජේෂ්වරි (68) හා ශක්තිවේල් රාජකුමාරි (74) යන විශ්‍රාමික ගුරුවරිය හා විශ්‍රාමික හෙද නිලධාරිණියයි.
සිය මිත්තණිය තමන්ට ආදරය නැති බවත් හදාගත් වෙනත් දරුවන් දෙදෙනෙකුට ආදරය කරන බවත් , නිතරම තමන් හා තම මව සමඟ අඩ දබර කර ගන්නා බවත්, මව පියගෙන් වෙන්වීමට හේතුව මිත්තණිය බවත් කියමින් කාලයක් මිත්තණිය සමඟ වෛරයෙන් සිටි නිසා මෙම ඝාතන සිදුකළ බවත් එම ඝාතනය දුටු මිත්තනියගේ සහෝදරියද ඝාතනය කළ බවත් දැරිය ප්‍රකාශ කරන්නේ යැයි පොලිසිය මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.
පවුල් සෞඛ්‍ය සේවිකාවක් වන දැරියගේ මව එම අවස්ථාවේ මුතූර් මූලික රෝහලේ රාත්‍රි රාජකාරි යෙදි සිට ඇති බව පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වි ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විභාගය ලබන මාර්තු 24දාට කල්තබා පශ්චාත් මරණ පරික්ෂණ සදහා මළ සිරුරු ත්‍රිකුණාමලය අධිකරණ වෛද්‍ය නිලධාරි වෙත යොමු කරන ලෙසද පොලිසියට නියම කළේ ය.
2025 නොවැම්බර් මස 21
115
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
198
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1060
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
මිත්තනිය ඝාතනය කළ බව කියන දැරිය පරිවාසයට
ගුණරත්න Sunday, 16 March 2025 03:59 PM
ඔන්න මාලිමාවුන්ගේ කාලේ හැටි, පොඩි අය ආච්චිලා මරණ කාලයක්!. ගිය ආණ්ඩුව කාලේ ඔහොම දෙයක් වුණා නම් මාලිමාවුන් පොඩි එකාගේ මානසික තත්වයේ ඉඳන් විශේෂඥ හෑලි ලියයි, ඒකත් සීයාගේ වැරැද්ද කියලා.
අන්ද්‍රයස් වීරබද්දන Monday, 17 March 2025 04:11 AM
මේ අදහස වරදකුත් නැහැ මොකද 1971 ලංකාවෙ ජනතා ඡන්දයෙන් පත්වූ රජයක් පෙරලා ජනතා මතයට පයින්ගසා බලය ගැනීමට කැරැල්ලක් ඇතිකල මුල්ම කාලයේ රටේ ප්‍රචාරයක් තිබුනා වයසක ජනතාව නඩත්තු කරන්න විශාල ධනයක් වැයවෙනවා රටේ ආදායම් අඩුයි එනිසාම හැටට වැඩි ඔක්කොමලා මරන්න තමයි ගුවේරා කාරයො හදන්නෙ කියල.( ඒ කාලයේ ජේවීපී නැත්නම් ජෙප්පො කිව්වෙම නැහැ කිව්වෙ ගුවේරා කාරයො කියල තමයි )