IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මැතිසබා සෞඛ්‍ය ලොක්කාට මාරුවක්

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු සෞඛ්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය නිලධාරියා හදිසියේම  වෙනත් ස්ථානයකට මාරු කර යවා ඇත.

ඔහු සම්බන්ධයෙන් සේවකයන්ගෙන් එල්ල වූ චෝදනා සැලකිල්ලට ගෙන මෙලෙස මාරුකර යවා ඇති බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එම වෛද්‍ය නිලධාරියාට  එරෙහිව විවිධ චෝදනා කරමින් සේවකයන් තුන්සියයකට ආසන්න පිරිසක් අත්සන් කළ පෙත්සමක්ද  පාර්ලිමේන්තු බලධාරීන්ට  පසුගියදා  බාරදී  තිබිණ.

කෙසේ වෙතත් සමහර සේවකයන් එම පෙත්සමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර තිබූ  බව වාර්තාවේ.

මෙම වෛද්‍ය නිලධාරියා සේවකයන්ට  සහ හිටපු සේවකයන්ට ඖෂධ නිකුත් කිරීමේදී  නීතියට අනුකූලව කටයුතු කර තිබූ  බවත්  සමහරුන් ඊට දැඩි ලෙස විරුද්ධව සිටි බවත්  ඇතැම් සේවකයෝ පෙන්වා දෙති.

පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම සේවකයන්ටද නොමිලේ වෛද්‍ය පහසුකම් සපයනු ලැබේ.



අදහස් (8)

මැතිසබා සෞඛ්‍ය ලොක්කාට මාරුවක්

අරවින්ද මොනරවිල Tuesday, 10 December 2024 07:03 AM

තුන් සීයකට ආසන්න පිරිසක් අත්සන් කෙරුවා කියන්නේ එතැන සාධාරණ දුක් ගැනවිල්ලක් තියෙනවා කියලා හිතාගන්න පුළුවන්, ඒ වෛද්‍යවරයාට පක්ෂව කතා කරන කිහිප දෙනා එයාගෙන් වාසි ගන්න හෝ විශේෂ සැලකිලි ගන්න අය වෙන්න පුළුවන්...!

:       0       0

බකල ජයා Tuesday, 10 December 2024 08:13 AM

හිටපු ලොක්කාට විනිවිද පෙනෙන ඇඳුමක් දාලා, ලොක්කාටම කියලා විනිවිද පෙනෙන පරීක්ෂණයක් කරන්න ජනාධිපති සහෝදරතුමණි. වැඩේ ගොඩ...!

:       0       0

Lalla Tuesday, 10 December 2024 09:03 AM

තවත් මහජන බදු මුදල් කොල්ලයක් නොවේද? හැම දේම පිනට දෙන තැනක්ද පාර්ලිමේන්තුව කියන්නේ...

:       2       3

LasaTuesday, 10 December 2024 04:58 PM

ඕක ලේසියෙන් යන්න එන්න පුළුවන් තැනක් නෙමෙයිනේ. අනික සෑහෙන පිරිසක් ගැවසෙන තැනක්. ඒ නිසා කාටහරි අසනීපයක් වුණොත් ප්‍රතිකාර ලබාදෙන්න ස්ථානයක් අනිවාර්යයෙන් තිබිය යුතුයි.

:       1       0

Kazi Shajahan Tuesday, 10 December 2024 10:11 AM

එන්පිපි මන්ත්‍රිවරු නම් පාර්ලිමේන්තුවෙන් මොනවාත් ගන්නේ නැ අඩු ගානේ ඇල් වතුර විදුරුවක්වත් බොන්නේ නෑ

:       5       4

දිමුත් Tuesday, 10 December 2024 10:37 AM

ගින්නක් නැතුව දුමක් නගින්නෙ නැහැනේ?

:       5       3

ජිල්බු Tuesday, 10 December 2024 02:40 PM

දිමුත්, ඔයා අපේ මැරුණ ආච්චිට තරහ ගිය වෙලාවක දැකල තිබුණ නං ඔහොම කියන්නෑ.

:       2       2

Shap Sunday, 15 December 2024 11:36 AM

ඔහොම පෙත්සම්වලට කට්ටිය මාරුකරන්න වුණොත් මුලු අමාත්‍යාංශයේම ඉන්න අයව මාරුකරන්න වේවි. පාර්ලිමේන්තුවෙන් බෙහෙත් ගන්න පැන්ෂන් ගිය මහ ලේකම් කෙනෙකුත් ඉන්නවාලු "කිතුල්"ගහකට සම්බන්ධ වෙච්චි..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site