IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


මාර්ග හැදීම අලුත් කොන්ත්‍රාත්කරුවන්ට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාර්ග සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහා එම කටයුතු නව කොන්ත්‍රාත්කරුවන්ට ලබා දෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා නව කොන්ත්‍රාත්කරුවන් සොයා ඔවුන්ගේ ශක්‍යතාවන් වහා සොයාබලන ලෙස අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා ඇතුළු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහාමාර්ග ඇමතිවරයා මහතා මෙසේ උපදෙස් ලබා දුන්නේ මහාමාර්ග කටයුතු පිළිබඳ අමාත්‍යාංයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගිය ( 19 ) රැස්වූ අවස්ථාවේදීය.

මේ අතර මාතර, මහනුවර, රත්නපුර, ගම්පහ, බදුල්ල, හම්බන්තොට, මාතලේ, කලුතර ඇතුළු දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක මාර්ග සංවර්ධනය ඉක්මන් කරන ලෙස මහාමාර්ග අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ලංකාවේ සංචාරක කර්මාන්තය ක්‍රමයෙන් වර්ධනය වන බැවින් ගාල්ල, රූමස්වල, උනවටුන ආදී සංචාරක කලාපයන්හි මාර්ග ඉක්මනින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පෙන්වාදුන්නේය.

මේ අවස්ථාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය ජාතිකයින් ඉදි කළ ඉතා පැරණි යකඩ පාලම් සංවර්ධනය කර එම ස්ථාන ඉතා ආකර්ෂණීය සංචාරක ගමනාන්ත බවට පත්කළ හැකි බව පෙන්වා දුන්නාය.

දෙමෝදර ආරුක්කු පාලම වැනි ඉතා වටිනා සහ සංචාරකයන් ආකර්ෂණය කරගත හැකි ස්ථාන පවතින හෙයින් එම ස්ථාන සංවර්ධනය කිරීම සංචාරක ආකර්ෂණයට ඉතා වැදගත් විය හැකි බවද සඳහන් කළාය.

එය ඉතා වැදගත් යෝජනාවක් බවත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

මාතර නව නගරයේ සිට ගොඩගම අධිවේගී මාර්ගය දක්වා මාර්ගයේ කටයුතු පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතු බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මාතා මෙහිදී පෙන්වා දුන්නේය

මාර්ග සංවර්ධනයේදී නිවැරදි ක්‍රියාමාර්ග ඉක්මනින් ගැනීම ඉතා වැදගත් බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ‍ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා පැවසුවේය .

මෙම රැස්වීමට නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන්, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර , නිමල් ලංසා සහ ජානක වක්කුඔුර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන සම්පත් අතුකෝරල, ඉසුරු දොඩන්ගොඩ, කාදර් මස්තාන්, ගුණතිලක රාජපක්ෂ, වී. රාධක්‍රිෂ්ණන්, අමරකීර්ති අතුකෝරල සහ එච්. නන්දසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ .

 



අදහස් (6)

මාර්ග හැදීම අලුත් කොන්ත්‍රාත්කරුවන්ට

Anura Wednesday, 21 July 2021 08:01 PM

සාධාරණව වැඩේ කෙරෙයි...!!!

:       6       198

RaveendraThursday, 22 July 2021 06:34 AM

ඔව් මොකද "මගේ ඇම්බට්ටයන්ටනේ" දෙන්නේ.....මගේ ගානත් ශේප් උන්ගේ ගානත් ශේප්...ඇයි ඉරිසියයි ද....

:       0       0

wikcy Wednesday, 21 July 2021 10:28 PM

මෙයාට ගානක් ගන්න පුලුවනෙ ඉතින්. මොන බූරුවද ඔය පාරවල් හැදුවම වැඩේ බලන්නෙ. මහත්තයො, මෑන් හොල් එක එක්කො උස වැඩි , එක්කො වලක් තියල. ඔයාල යන සුපොගබොගි වාහන නම් ඔව්වයෙ වැටුනට කමක් නැ. එත් අපි යන එව්ව වැටුනම ඒවයෙ කැලි වලටත් අපි බදු ගෙවන්න ඕනි ( ඔයාලගෙ එව්වට අපි කොහොමත් ගෙවනවානෙ ) අරවයි මෙවටයි බදු ගෙවල තව පාරෙ වැරැද්ද නිසාත් අපිම පාඩු විදින සුන්දර රටක් මේක. හදපු පාර ආපහු කඩනව පේමන්ට් දාන්න. එක්කො කානු දාන්න. ඒකත් නැත්නම් වතුර හරි ටෙලිකොම් හරි නැතිමන් විදුලිබලේ . එකෙක් ආපහු පාර හරියට හඩන්නෙ නැ කවුද බලන්නෙ කියන්නකො. නිළධාරීන නැද්ද, ඉන්න එවුන්ට පෙන්නෙ නැද්ද. නැත්නම් එයාලට වෙනම ගානක් දීලද... ඇත්තටම මොකක්ද හප්පා වෙල තියෙන්නෙ?

:       0       0

rocky Thursday, 22 July 2021 06:26 AM

මහත්තයෝ ,ඕවා එක එක සැරේට වෙන වෙනම කරන්නේ නැතුව ,මුළු රටටම තාර දාලා එකම පාරක් කොරලා දැම්මා නම් ඉවරයිනේ !

:       0       0

ලලිත් එම් Thursday, 22 July 2021 07:19 AM

සපෝට් එක දුන්න අයට සලකන එක යුතුකමකි

:       0       0

මුණසිංහ Thursday, 22 July 2021 08:06 AM

පරණ අයට දෙන්න විදියක් නැහැ. කරපුවට සල්ලි ගෙවන කම්.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site