
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
මාදම්පේ උතුරු මහගම මුගුණුවටවන ප්‍රදේශයෙ කොහු ආශ්‍රීත කර්මාන්ත ශාලාවක අද (23 ) ඇතිවු හදිසි ගිනි ගැනිමකින් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.
මෙලෙස හදිසි ගිනි ගැනිමකට පත්ව ඇත්තේ විදේශීය වෙළද පොල ඉලක්ක කර ගනිමින් කොහු ආශ්‍රීත නිශ්පාදන ඇසුරුම් කිරීමේ කර්මාන්ත ශාලාවකි.
කර්මාන්ත ශාලාවේ විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගිනි ගැනිම සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
ගිනි ගැනිම සිදුවන අවස්ථාවේ කොහු කර්මාන්ත ශාලාවේ රුපියල් කෝටි ගණනක කොහු තිබි ඇති බවත් යම් ප්‍රමාණයක් ආරක්ෂා කර ගැනිමට හැකිවු බව ද කියයි.
ගිනි ගැනිම පාලනය කර ගැනිමට හලාවත මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයෙ ගිනි නිවිමේ රථ යොදා ගනිමින් ගින්න පාලන කිරීමට කටයුතු කල බව කියයි.

COMMENTS