
(අංජුල මහික වීරරත්න)
නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇතිවන ගංවතුරින් යටවන කුඹුරු වල මින් ඉදිරියට වී වගාව ව්‍යාප්ත නොකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.
වැසි සහිත කාලගුණික අවස්ථාවන් හි දී නිල්වලා ගඟේ ලවණ බාධකය නිසා ඇති වන ගංවතුර තත්ත්වයන් හේතුවෙන් නිල්වලා ගඟ අවට කුඹුරු හෙක්ටයාර් 4000ක් පමණ නිරන්තරයෙන් ජලයෙන් යටවී හානියට පත් වන බව හඳුනාගෙන ඇත.
එම කුඹුරු ගොවීන්ට වන්දි මුදලක් ලබා දී කුඹුරු ඉඩම් රජයට පවරා ගන්නේ ද? නැද්ද? යන්න සම්බන්ධව කරුණු සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල තීරණයක් පරිදි කමිටුවක් පත් කර තිබෙන නමුත් තවමත් ඒ සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
අදාල කුඹුරු වී වගාව හැර වෙනත් වගා සඳහා ගොවීන් උනන්දු කරවීමටත්, ඒ සඳහා ගොවි ජනතාවට අවශ්‍ය මුල්‍ය හා තාක්ෂණික පහසුකම් රජය මගින් ලබා දීමටත් වැඩ පිළිවෙළක් සැකසීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2 වැනි පියවරේ හොඳයි. නැත්නම් ඕකටත් වැඩේ දෙන්නයි යන්නේ
ලුණු පස් නම් හැදෙන්නේ, කුඹුරු ගොඩකරලා පොල් වවන්න බැරිද? දෙකම අපිට අත්‍යාවශ්‍ය ආහාර...!
අනිවාර්යෙන්ම ඇමැතියා මේක පිටි පස්සේ ඇති. මේ හදන්නේ ගොවියාට තුට්ටුවක් දීලා විශාල මුදලකට කොමිස් තියාගෙන මේ ඉඩම් පිටට විකුණලා දාන්ඩයි. මුන්ගේ මාර කූට වැඩ තමයි තියෙන්නේ...