
(යොහාන් භාසුර)
නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ගණයේ සැකකරුවෙකු බැලීම අමුත්තන් පෙන්වන ස්ථානයට පැමිණි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය තුළ සූක්ෂම අයුරින් සගවා තිබූ මාංචු යතුරක් බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
සැකකරු හා අදාල මාංචු යතුර ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කළ බවත් සිදුවීම සම්බන්ධනයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd