
(සිතුම් චතුරංග)
ඉන්දියාවේ සිට නීති විරෝධි අයුරින් මෙරටට ගෙන්වු රුපියල් මිලියන නවයකට අධික වටිනා කමින් යුත් බීඩි කොළ කිලෝ 1,115 සමඟ පුද්ගලයින් දෙදෙනකු මන්නාරම මුරුණ්කන් හීදි අත්අඩංගුවටගත් බව මන්නාරම විශේෂ කාර්ය බලකාය පවසයි.
මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සඟවා නීති විරෝධීව ගෙන්වන ලද මෙම බීඩි කොළ තොගය කුරුණෑගල ප්‍රදේශයට රැගෙනයමින් සිටියදී යුද හමුදා බුද්ධි අංශවලට ලැබුණ බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.
අත්අඩංගුවටගත් මාළු ප්‍රවාහනය කරන ලොරි රථය තුළ ආරක්ෂිත ඇසුරුම් 36ක මෙම බීඩි කොළ තොගය අසුරා තිබූ බවත් පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෑන් ඔය බීඩි කොලවලට මොකද කරන්නේ...