(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන ආයතන වලින් සිදු කරන මළ අපජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිකර්ම පද්ධති ස්ථාපනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ප්‍රමාණවත් මළ අප ජල පිරිපහදු කිරීමේ මධ්‍යස්ථාන නොමැති වීම දිවයිනේ මළ අප ජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ සේවා දාමය සපුරාලීම සඳහා බාධාවක් බවට පත්ව ඇත.
ඒ හේතුවෙන් ඇතැම් අවස්ථා වලදී එක්රැස් කරන මළ අපද්‍රව්‍ය අවිධිමත් ලෙස විවෘත පරිසරයට බැහැර කිරීම සිදු වේ. අපද්‍රව්‍ය කළමනා කරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය යටතේ මළ අප ජල සහ මළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ.
ඒ අනුව, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සඳහා වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන වලින් රුපියල් මිලියන 200 ක් යොදා ගනිමින් තෝරාගත් පළාත් පාලන ආයතනවල යාන්ත්‍රික මළ අප ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මළ අප ජල පිරිපහදුව යාන්ත්‍රික වෙයි
B Amarasinghe Tuesday, 15 July 2025 03:09 PM
ඉතා හොඳ වැඩක් පළාත් පාලන ආයතනවල ගලි බව්සරයක් ගෙන්වන්න පගාව රු. 3000/-ක් ගෙවන්න ඕනේ පොඩි බව්සරයට. රු 6000/-ක් ගෙව්වොත් ලොකු බව්සරය. මේවා පළාත් පාලන ආයතනයට ලැබෙන සල්ලි නෙවෙයි. ගෙවන ගාණ අනුව තමයි බව්සරේට අද්දගන්නේ. මාර මංකොල්ලයක් තියෙන්නේ. අල්ලස් කොමිසමේ අවධානය යොමුවිය යුතු තැනක්.