IMG-LOGO

මහපොළ ලොතරැයියකිනුත් කෝටි 75ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහපොළ භාරකාර අරමුදල 2023 වසරේදී කොන්ත්‍රාත් පදනම මත වසර දෙකක කාල සීමාවකට නිලධාරීන් පත් කිරීම සහ මාර්ග ගත ලොතරැයියක් සඳහා තෝරාගත් ලොතරැයිකරු ඉන් ඉවත්වීම හේතුවෙන් අරමුදලට රුපියල් කෝටි 75කට වැඩි පාඩුවක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය.

ඒ පිළිබඳව වෝහාරික විගණනයක් පවත්වා වැරදිකරුවන්ට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා සහ මහපොළ භාරකාර අරමුදලේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ යන මහත්වරුන්ට  නිර්දේශ කළේය.

මහපොළ භාරකාර අරමුදලේ 2022 සහ 2023 වර්ෂවලට අදාළව විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්යසාධනය විමර්ශනය සඳහා එම  අරමුදලේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට පසුගිය 09 වැනිදා කැඳවූ අවස්ථාවේදී මෙසේ නිර්දේශ ඉදිරිපත් කෙරිණ.



අදහස් (0)

මහපොළ ලොතරැයියකිනුත් කෝටි 75ක් වතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 335 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 508 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 204 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site