
(ෂේන් සෙනෙවිරත්න සහ ජේ.ඒ.එල් ජයසිංහ)
රුපියල් කෝටි ගණනක් වටිනා වාහන දෙකක් නීති විරෝධී ආකාරයෙන් තබා ගෙන සිටි බව කියන මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකුට රටින් පිටවීම තහනම් කරමින් මහනුවර මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද (12) තහනම් නියෝගයක් නිකුත් කළාය.
නීති විරෝධී වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා කිහිපයකදී සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසිය මඟහරින බවත් ඔහු විදේශ ගතවීමට හැකියාවක් ඇති බවත් කියමින් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය අදාළ තහනම් නියෝගයක් නිකුත් කළාය.
විදේශ ගමන් වළකාලමින් මෙලෙස තහනම් නියෝගයක් නිකුත් කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ වාහන අලෙවි ආයතනයක හිමිකරුවකු බව කියන දොන් ඉසුරු ප්‍රදීප් සද්ධාතිස්ස සේරම් නමැත්තකුටය.
සිද්ධියට අදාළ විමර්ශන අධිකරණයට වාර්තා කළ මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා මහනුවර අනිවත්ත වටරවුම් පාරේ නිවසක ගරාජයක් තුළ සැකකටයුතු වාහන දෙකක් ගාල් කර ඇති බවට ලැබුණු තොරතුරකට අනුව කළ විමර්ශනයේදී පසුගිය ඔක්තෝබර් 20 වැනිදා කළ වැටලීමකදී නිවසේ ගරාජයේ සැක කටයුතු සඟවා තිබියදී බී.එම්.ඩබ්ලිව්. රේසිං වර්ගයේ නවීන මෝටර් රථයක් සහ මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් සොයා ගත් බව දැනුම් දුන්නේය.
අදාළ මෝටර් රථ රජයේ රස පරීක්ෂකවරයාට ඉදිරිපත් කිරීමෙන් පසු බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථය මෙරට එකලස් කරන ලද වාහනයක් බවටද මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයේ චැසි අංකය සූරා දමා ඇති බවටද රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කොට ඇතැයි දැනුම් දුන් තිලක් සමරනායක මහතා අදාළ ජීප් රථය රජයට අයත් හෝ සොරකම් කළ එකක් බවට පොලිසිය සැකයක් මතුව ඇතැයිද දැනුම් දුන්නේය.
එම වාහන සම්බන්ධයෙන් ප්‍රකාශ ගැනීමට පොලිසියට පැමිණෙන ලෙස අවස්ථා ගණනාවකදී අදාළ සැකකරුට දැනුම් දුන්නත් ඔහු පොලිසියට නොපැමිණ පොලිසිය මඟහැරීමට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට අවස්ථා ගණනාවකදී පොලිස් නිලධාරීන් ඔහුගේ නිවසට ගියත් ඔහු නිවසේ නොමැති බව නිවැසියන් ප්‍රකාශ කළ බවද දැනුම් දුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් සමරනායක මහතා සැකකරු විදේශ ගතවීමට හැකියාවක් ඇති හෙයින් සැකකරුට විදේශගත වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.
2025 ඔක්තෝබර් මස 08
1397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1289
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහනුවර සැප වාහන හිමිකරු පොලිසිය මඟහරි
පිටිගල මිලානෝ Tuesday, 12 November 2024 08:09 PM
රත්තරං මාමා හොටු පිහද පිහදා අඬනවා මීටින් වල..
බකල ජයා Tuesday, 12 November 2024 08:24 PM
නෑදෑ සම්බන්ධකමත් දැම්මා නම් තවත් හොඳයි.
Palitha Kolitha Wednesday, 13 November 2024 07:47 PM
හොරෙන් වාහන ගෙඩි ගේන පොරක් ඉන්නවා. nisaja කියලා instagram එකේ මිනිහා ප්‍රසිද්ධියේ කන්ටේනරයෙන් වාහනය බාල ගෙදරටම අරං යනවා photo තියෙනවා. Consul Corps ස්ටිකර් ගහන් මෙයා පාරේ පදින්නේ. Consul කෙනෙක් නොවන පුද්ගලයෙක් කොහොමද එහෙම කරන්නේ...? මෙයා ගැන මං පැමිණිලි කරත් තාම වැඩක් නෑ. මහජනතාවට දැනගන්න දැම්මේ.... අපි වාහනයක් ගෙනවා නම් අම්බානක බදු ගෙවලා අරගන්න ඕනෑ. මේ චරිතය කාගේ කවුද කියලා පොඩ්ඩක් සොයලා බලන්න.