
(ජේ. ඒ. එල්. ජයසිංහ)
සිරි දළදා ප්‍රදර්ශනයට සහභාගී වන ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ නවාතැන් වෙනුවෙන් වෙන් කළ මහනුවර අවට පාසල් 41ක දරුවන්ට අප්‍රේල් 21 සිට 25 දක්වා කාලයේ නිවාඩු ලබා දෙන බව මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ඩී .සී. අයි. අන්දරගේ මහත්මිය මහනුවර කලාපයේ සියලුම විදුහල්පතිවරුන්ට , විදුහල්පතිනියන්ට සිය අත්සනින් යුතුව ලිඛිතව දැනුම් දී තිබේ.
දළදා දැක්ම සහභාගීවන බැතිමතුන්ගේ ආරක්ෂාව මහනුවර ආරක්ෂක කටයුතු සඳහා කැඳවන පොලිස් සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ තාවකාලික ලැගුම්හල් සඳහා භාවිතයට ගනු ලබන ස්ථාන වෙනුවෙන් මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් වෙන් කිරීම හේතුවෙන් මෙම පාසල්වලට නිවාඩු ලබා දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයක්ම කරනවා. එත් මාලිගාව ඉස්සරහින් තියෙන පාර අරින්නේ නැහැ.. ඇඹරෙනවා. දෙන්නා කරන දෙයක් නැහැ. සල්ලි ගරනවා. පිල්ලි ගහනවා... එච්චරයි...