IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මහින්ද එළියට දැම්මොත් මිනිස්සු ගෙවල් දහයක් අරගෙන දේවි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහින්ද රාජපක්ෂ ගෙදරින් එළියට දැම්මොත් ඔහුට ගෙවල් දහයක් අරගෙන දෙන්නට මේ රටේ මිනිස්සු ඉදිරිපත් වනු ඇතැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිතුමා එදා කළුතර කරපු කතාව බලන්න.මහින්ද රාජපක්ෂගේ ගෙදර ගන්න කියන්නකෝ. ලක්ෂ හතලිස් හයකට කුලියට දෙන්න වෙන්නේ කොන්ඩෙ බැදපු චීනුන්ට තමයි. මහින්දලා චන්ද්‍රිකාලා ගෙවල් වලින් එළියට ගියා කියලා ඒ අයගේ නාමය නැති වෙන්නේ නෑ.මහින්දගේ ඉවත් කලොත් ගෙවල් දහයක් අරන් දෙන්න මිනිස්සු ඉන්නවා.ජනාධිපතිතුමා නිකන් තුන්මුල්ල විමලේ වගේ හැප්පෙන්නේ.තව මාස හයකින් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට සිකුරුටි හොයාගන්න වේවි යනුවෙන්ද චාමර සම්පත් මහතා කීය.



අදහස් (18)

මහින්ද එළියට දැම්මොත් මිනිස්සු ගෙවල් දහයක් අරගෙන දේවි

සෙනෙවිරත්න Tuesday, 21 January 2025 02:37 PM

ඒක අපි දන්නවා, සළකපු අය ඕන තරම් ඉන්නවා, ජනවරම දුන්නේ ඕවාට තමා, ලියිට් බිල බදු අඩු කරන්න කියන පොරොන්දු ඉටු නොකළ කියල වැළලෙන අයට කියන්නේ, මේවත් දුන්න පොරොන්දු , ජනමතය ඒකට, ඒක කරනකොට වැළලෙන්න එපා.

:       93       76

රම්බොඩ Tuesday, 21 January 2025 02:42 PM

ජනාධිපතිවරයා ලෙස නොකළ යුතු කතාවක් සේ මමද එය දකිමි. ඔහු තුළ ඇත්තේ සාමාන්‍ය දුර්වල මනසක තියෙන වෛරී සංකල්පයක් මිසක සාධනීයව රටට යහපත් කිරීමේ අරමුණක් නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැක.

:       74       114

RSTuesday, 21 January 2025 03:35 PM

කැමති කැමති ආකාරයට තර්ක විතර්ක ගේන්න පුළුවන්. අපි ඔතනට යැව්වේ හතරට නැමිලා කතා කරන්න කෙමෙයි. කෙලින් කතා කරන්න සහ හරි තීරණ ගන්න එකේ ඇති වැරැද්දක් නෑ.

:       28       64

Perera Tuesday, 21 January 2025 02:44 PM

එහෙනම් මිනිහාව ගෙදර අරන් යන්න

:       78       61

Anura Tuesday, 21 January 2025 02:46 PM

මහින්ද මහත්තයාට ආරක්ෂාව දිය යුතුයි. නමුත් කොළඹින්ම ගෙයක් අවශ්‍යයි කියන එක පිලිගන්න බැහැ. සජිත්ගේ අම්මාට, සිරිසේනට, රනිලට කිසිම ජීවන තර්ජනයක් නැතුව ආරක්ෂාවක් මොකටද?

:       50       83

පම්පෝරි ජනක Tuesday, 21 January 2025 02:51 PM

දැන් එක මහින්දගේ ගෙදර වෙලාද ? ආර්ථික අර්බුදය කාලේ ඒකේ හිටපු මනුස්සයාවත් එලවල බලෙන් අල්ලාගත්ත ගේ

:       48       59

ජනරළ Tuesday, 21 January 2025 03:06 PM

එතකොට ඒ ගෙවල් අරන්දෙන අයට එහෙම කරන්න කොහෙන්ද සල්ලි කියල හොයලා බලලා වංචා කරලා තියෙනවා නම් බදු ගෙවන්න තියෙනවා නම් ඒවා හොයල බලලා අවශ්‍ය පියවර ගන්නත් පුළුවන්.

:       42       44

පුසා කෑවෝ Tuesday, 21 January 2025 03:18 PM

මේ සේරම මයින්ද මාතිය රට බේර ගත්ත නිසානේ... ඔය මිනිස්සු අරන් දෙනව කියන ගෙවල් 10යෙන් එකක් මමත් දෙන්න ඉන්නේ.

:       12       20

m. saman perera Tuesday, 21 January 2025 03:35 PM

මහින්ද හොඳට හැදිච්ච අය ගෙවල් අරන් දෙන්න බලාගෙන ඇති.

:       17       30

ගමේ එකාලා Tuesday, 21 January 2025 04:03 PM

ජනතාව රවට්ටපු ,රීරී මාන්ස හූරගෙන කාපු මහාපරිමාණ හොරකම් වංචා දූෂණ වලින් ගසාකාපු එකෙකුට ඉන්ඩ තැන්නම් අපි දන්න විදියට ඕන තරම් තියෙනවා.

:       16       30

MMSB Tuesday, 21 January 2025 04:18 PM

මහින්ද රාජපක්ෂගේ නායකත්වය ගැන ප්‍රශ්නයක් නැත. නමුත්; යුද්ධයක් අවසන් කිරීම තනිව කළ හැක්කක් නොවේ. තිරය පිටුපස සිටි බොහොමයක් අදටත් නිශ්ශබ්ද බව අමතක කරන්න එපා. නෙල්සන් මැන්ඩෙලා යුද්ධයෙන් පසු කළ දේ ඔබල දන්නවද? කෝ එය ලංකාවේ වුනාද? අදටත් ජාතිවාදය වපුරමින් ඡන්ද කඩාගෙන කෑමක් නේද ඒගොල්ල කරන්නේ. යුද්ධයෙන් පසු සංවර්ධනයත් කලානම් අදටත් සහල්, එළවලු හිගයක් ලංකාවේ නෑ. යුද්ධයේ ජයග්‍රහණය වවාගෙන නේද අපි කාලයක් කෑවේ. සංහිදියාව වර්ධනයට මොනවාද කළේ?සියල්ලෝම බුද්ධිමත්ව සිතත්වා!!!

:       5       14

Rohana Tuesday, 21 January 2025 04:54 PM

එක ගෙයක් චාමරගෙන්ලු

:       5       7

fairoos Tuesday, 21 January 2025 05:27 PM

රටේ නාස්තිය අඩු කරණකොට නිකන් කෙදිරි ගාන්න එපා

:       6       12

Samantha Tuesday, 21 January 2025 05:39 PM

තව තවත් ඔවැනි ගැලරි චූන් කතා අහන්න අපිත් කැමතිය. ​.

:       3       6

Kanchana Tuesday, 21 January 2025 06:12 PM

රට ට වැඩක් කරපු නායකයෙක්. කලගුණ දන්නා මිනිස්සු එක පිළිගනී. රටේ පරිහානියට අනුර ගෙ පක්ෂය අඩු වැඩි වශයෙන් සම්මාදන් උනා.

:       7       10

Kamal fernando Wednesday, 22 January 2025 01:09 AM

මේවා කොටි ඩයස්පෝරා ඉල්ලීම්. මේවා ජවිපෙ ඩයස්පෝරාවට දුන් පොරොන්දුය

:       1       0

masala wade Wednesday, 22 January 2025 05:53 AM

එහෙනම් එලියට ගිහිං ගෙවල් 10 යි ඔය කියන ආරක්ෂකයොයි හොයගෙන අපිට පව් නොදී ඉන්නකෝ

:       2       1

BDS wijewardana Thursday, 23 January 2025 01:02 PM

ඇත්තෙන්ම රජෙක් වගේ ඉන්න ඕන කෙනෙක් උවමනාවෙන් කරගත්ත දෙයක් එතුමාගේ නායකත්ව යටතේ ත්‍රස්තවාදය අවසන් කලේ අප හැමගේ ම සහය ඇතිව නමුත් එතුමාගේ වටෙ හිටිය සියලුම දෙනා එතුමාගේ ප්‍රතිරූපයට මුවාවෙලා රට කෑවා ඒක නිසයි අහක හිටිය හිටං රජ උනෙ තනිකර ඊර්ෂ්‍යාව නිසා කට්ටිය එකතුවෙලා පහරදෙන්න සැලසුම් කලා උන් ජයග්‍රහණය කලා රටෙ මිනිසුන් පරාජය උනා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්දීය සිංදු පාකිස්තානයේ තහනම්
2025 මැයි මස 02 292 1

දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු, ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වී


අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය
2025 මැයි මස 02 214 0

අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් ඉපැයූ දේ ගැන පනතට කථානායක සහතිකය අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත සඳහා කථානායක ව


ලොව වයස්ගතම පුද්ගලයා සමුගනී
2025 මැයි මස 02 569 0

ලොව වයස්ගතම පුද්ගලයා ලෙස ගිනස් වාර්තා අතරේ සිටි බ්‍රසීල ජාතික කන්‍යා සොහොයුරියක වන කැනබාරෝ ලූකස් අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි


ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ධුරයේ වෙනසක්
2025 මැයි මස 02 301 0

ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කළ මයික් වොල්ට්ස් එම ධුරයෙන් ඉවත් කිරීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පියවර ගෙන ඇත.


යතුරුපැදි අනතුරින් සිසුවා මරුට
2025 මැයි මස 02 487 2

කුඩාවැල්ල - මාවැල්ල මාර්ගයේ සිදුවූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි පාසැල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .


නාන්න ගිය දෙන්නෙක් දැදුරුඔයේ ගිලී අතුරුදන්
2025 මැයි මස 02 367 0

විනෝද චාරිකාවකට එක්වී දැදුරු ඔයේ දිය නාමින් සිටි පිරිසකගෙන් පස් දෙනෙකු දිය රැළකට හසුව ගසා ගෙන යද්දි තරුණියන් තිදෙනෙකු බේරා ගෙන ඇතත් එම දිය රැළට හසුවු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 424 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 108 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1134 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site