( චන්ද්‍රෙස්න ගමගේ,සනත් ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම් )
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීම සඳහා මේ වන විට තංගල්ල කාල්ටන් නිවෙස අසල දහසක් පමණ පිිරිසක් එක් රැස්ව සිටින බව අප වාර්තාකරුවෝ පවසති.
හිටපු ජනපතිවරුනගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දි සම්මත විමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අද සවස විජේරාම නිවෙසින් ඉවත්ත තංගල්ල කාල්ටන් නිවෙස බලා පිටත් විය.
එම සිද්ධිය ප්‍රචාරය වීමත් සමග පාක්ෂිකයෝ විශාල පිරිසක් මෙසේ කාල්ටන් නිවෙස අසලට රැස්ව මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනිමට මෙසේ පැමිණ ඇතැයි ද අප වාර්තා කරුවෝ සඳහන් කළහ.
අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල නගරයට පස්වරු 5ට පමණ පැමිණියේය.
කාල්ටන් නිවස වෙත පැමිණෙන මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සහ දැකබලා ගැනීමට සිය පාක්ෂිකයින් සහ අධාර කරුවන් විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිටට පැමිණ සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතා සිය නිල රථයෙන් නිවස ඉදිරිපිට බැස මහා සංඝරත්නය හා ජනතාව පෙරටු කරගෙන කාල්ටන් නිවස තුළට පැමිණියහ . මහින්ද රාජපක්ෂ මහතාට සිය නිවස වන කාල්ටන් නිවස තුළට ළඟා වීමට තරම්වත් නොහැකි වන සේ මහජනතාව රැස්ව සිටියහ. රාජපක්ෂ මහතා සිය නිවස තුළට පැමිණීමෙන් පසු මහා සංඝරත්නය ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ. තංගල්ල රන් කොත් මලු විහාරයේ විහාරාධිපති හිමි සහ දඟල වජරගිරි විහාරයේ විහාරාධිපති හිමිවරු අනුශාසනා පැවැත්වූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහින්දව පිලිගන්න කාල්ටන් නිවෙසට ජන ගඟක්
ගමේ එකාලා Thursday, 11 September 2025 06:45 PM
ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු නායකයාව බලන්න ඇවිත්. ඔය ආපු සෙනග එදා මහින්දයාව පන්නන්ඩ අරගලයටත් ආවා කියලයි ආරන්චි.
නිමල්Thursday, 11 September 2025 10:47 PM
ගමේ එකාලගේ ප්‍රකාශයෙන් කියන්නෙ අරගලයට ගිය අයටත් දැන් කාරණා අවබෝධ වී රැල්ල ආපසු හැරුණ බව නේද?
පිටරැටියා Friday, 12 September 2025 02:37 PM
ගේම් ගහලා තුන්වැනි පාරටත් ජනාධිපති වෙන්ඩ හැදුවා බලලෝභියා ජනේල් කූරුවල එල්ලිලා හිටපු විදිය බලන්ඩත් මහා සෙනඟක් ආවා.
කෞෂි Thursday, 11 September 2025 06:49 PM
අයිස්ලන්තේ වැසියෝ සහ ව්‍යාපාරිකයෝ සෑහෙන්න ඔතැන ඇති.
චතුර Thursday, 11 September 2025 06:57 PM
ජන ගගක් .. දහසක් කිව්වා.. ඔයා මනුස්සයාට තමන්ගේ අන්තිම කාලේ යහතින් ඉන්න දීපල්ලා කුලප්පු නොකර…..
Manager Thursday, 11 September 2025 07:10 PM
ගග හිදිලනේ... චූටි මඩවලක්...
පොඩිඑකා Thursday, 11 September 2025 07:44 PM
ජන මොකක්?
පොඩිඑකා Thursday, 11 September 2025 08:01 PM
හොදට බලන්න අපේ යෝගා, ගුණරත්න ඇතුළු ලොන්ඩරි සෙට්එකත් ඉන්නවාද කියලා...
ලූට මූස් Thursday, 11 September 2025 08:02 PM
මිනිස්සුන්ට වඩා මදුරුවෝ ඇති මගෙ හිතේ...
පුය් Thursday, 11 September 2025 08:45 PM
හරියට ම පැමිණි ප්‍රමාණය කිව්වා නම් තුන් වේලකට ඇති වෙන්න පුන්නක්කු යි තණකොළ යි සපයන්න තිබුණා.
Shantha Thursday, 11 September 2025 09:30 PM
කුඹින්ට මුත්‍රා ගංගාවක් වගේ කියන්නේ... කියමන හරියටම හරි...
මිහිඳු Thursday, 11 September 2025 10:34 PM
ඔතනට පොඩ්ඩක් එහා පැත්තෙන් තිස්ස පැත්තට යන්න තියෙන පාරේ පොඩි ඇළක් තියෙනවා. ඒ තරම්වත් නෑනේ.. කූඹියන්ට මොනවාදත් ගංගාවක් වගේ කියලා දැනෙන එක සාධාරණයි. මොනවා වුණත් නම්බුවක් ඇතුව ජීවත් වෙන්න තිබ්බ මනුස්සයෙක් වටේ ඉන්න අයගේ බල තන්හාව නිසා පිස්සෙක් හිඟන්නෙක් වගේ තැන් තැන්වල පීචං වෙලා යනවා...
Dhammika Friday, 12 September 2025 12:30 AM
අපිට නිදහස ගෙනාව අපේ කාලේ රජා... ඔයා එක්ක අපි හැමදාමත්...
චතුරි Friday, 12 September 2025 03:44 AM
ජන ගගක්. ඒ වුනාට චන්දේ ඉල්ලුවම පැරදෙනවා. ඔය ආවෙ. බඩ ගිනි කට්ටිය දන්නවා කන්න බොන්න ලැබෙනවා කියලා. කොරවෙලා හිටපුනිසා. ඇවිදින හැටි බලන්න එන්න ඇති සමහරු
MindZap Friday, 12 September 2025 05:46 AM
මෙන්න මේ ඇවිත් ඉන්න වහල්ලුන්ට මොනවා හරි කන්න ටිකක් දීපල්ලා.
යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Friday, 12 September 2025 09:06 AM
ඔය ආපු සෙට් එකම නේද 2022 දී කාල්ටන් නිවස කුඩුකරලා දැම්මේ. අර බලුපැටව් හොරත් ඉන්නවා වගේ
අරවින්ද මොණරවිල Friday, 12 September 2025 01:04 PM
කරුණාකරලා සිංහල භාෂාවේ තියෙන වැදගත් යෙදුම් අපහරණයට ලක් කරන්න එපා !
බද්රානි Friday, 12 September 2025 03:05 PM
දෑතේ වීරියෙන් හරිහම්බ කරගෙන කනවට වඩා, පිනට අනුන්ගේ කටු ලෙවකන එක හොඳයි කියලා හිතන අමන මිනිසුන් රැලක් බව මේ මුහුණු දැක්කම පේනවා...පාලකයින්ගේ කකුල් ලේවකන මේ වහල් මිනිස්සුන්ට වගතුවක් තියනවද..?