(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයකට එන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ අභියෝගයක් සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (21) බාරගත්තේය.
අලුත්ගමගේ මහතා මෙම ආරාධනය කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් සිටින අතරතුරදීය.
හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කළ නිසා තමා ඒ සම්බන්ධයෙන් ඔහුට විවාදයකට ආරාධනා කරන බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී පැවසීය.
"පාස්කු ප්‍රහාරය ගැන අපි අපේ සාක්ෂි අරගෙන එන්නම්. ඔයාලා ඔයාලගේ සාක්ෂි අරගෙන එන්න. අරගෙන අපි විවාද කරල බලමු." යැයි අමාත්‍යවරයා මෙහිදි සඳහන් කළේය.
තමා ඊට සූදානම් බවත් විවාදවලට බිය නොවන බවත් හරින් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මහින්දානන්දගේ අභියෝගය හරීන් බාරගනියි
amara Friday, 21 January 2022 06:26 PM
ගොං පොරයක් අත ළඟ...
NIMALFriday, 21 January 2022 11:21 PM
ලබන මැතිවරණයේදී ජනතාව පාර්ලිමේන්තුවට ගොන්නු යලිත් පත් කරාවිද?
මහසෙන් Friday, 21 January 2022 06:49 PM
මේ වගේ වාචාලයින් දෙන්නෙක් වෙනුවෙන් වෙන්කරන ගුවන් කාලයත් අපරාධයක්... අදාල මතෘකාවට අදාලව කෙසේ වෙතත් දෙන්නා දෙන්නගේ රෙදි ගලවා ගනියි. මොනවට නැතත් දෙන්නම ඒ දේට දක්ෂ නිසා...
ගමේ එකාලා Friday, 21 January 2022 07:33 PM
පොහොර ඇමතියා කීයටවත් ඔය සංවාදෙට එන්නේ නැහැ. කට විතරයි. බයගුල්ලෙක්?
Bamunuarachchi Friday, 21 January 2022 07:40 PM
මහින්දානන්ද මහතා ඉස්සෙල්ලාම අහන්න ලෙඩ ඇඳේ හිටිය තාත්තා පල්ලියට නොකියා ප්‍රහාර සිදුවෙන දවස, වෙලාව, ස්ථාන ඔබට පමණක් කිව්වේ ඔබව පරිස්සම් කරගෙන අනික් ක්‍රිස්තියානි කාරයින්ට මොනවා වුණත් කමක් නැහැයි කියා සිතුව නිසාද? ඔබත් කිසිවෙකුට නොකියා හැංගුනේ ප්‍රහාරයට සපෝට් එකක් දෙන ගමන් මම බේරුණාම ඇතියි කියන ප්‍රතිපත්තියේ සිටි නිසාද කියලා? ප්‍රහාරය වෙනබව දැනගෙන එය නවත්වන්න උත්සාහ නොකළේ කාදිනල් කියන විදිහට ගෝඨාභයට බලයට එන්න සපෝට් එකටද? නැතිනම් හම්බයින්ගේ සපෝට් එක නැතිවෙයි කියලා බියටද? තව තිබෙනවා පසුව ලියන්නම්...!
SampathSaturday, 22 January 2022 08:48 AM
පුතා ඔය ප්‍රශ්න සෙට් එකම මහින්ද රාජපක්ෂ රනිල් සහ පොහොට්ටුව ඇතුළු අනෙකුත් මැතිඇමැති වරුන්ගෙනුත් ඇසිය යුතු නොවේද? හරින්ට තාත්තා කිව්වා. අනිත් අයට ආරක්ෂක අංශ වලින් කිව්වා. මේ අයට ලැජ්ජාවක් නෑ. බමුණු පුතාටත් එහෙම එකක් නෑ.
BamunuarachchiSaturday, 22 January 2022 07:09 PM
හන්රීගේ තාත්තාට කිව්වේ කවුද? දෙවියන් වහන්සේද? ඇයි හන්රීගේ තාත්තාට කිව්ව දෙවියෝ කාදිනල් තුමාට නොකිව්වේ?
BamunuarachchiSaturday, 22 January 2022 07:27 PM
ඒ කාලේ බලයේ හිටියේ පොහොට්ටුවේ අය නොවෙයි. අනික හරීන් සහ ඔහුගේ තාත්තා කල දෙවල් කොහොමද මහින්දගෙන් අහන්නේ? හරින්ගේ තාත්තා දන්නා දේවල් කාදිනල් තුමා නොදැන හිටියේ කොහොමද?