(සුජිත් හේවාජුලිගේ )
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ.
විශේෂ කණ්ඩායමක් විසින් නිවාස සොයා බැලීම මේ දිනවල කරගෙන යනු ලැබේ.
මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තානාපතිවරුන් ඇතුළු විශේෂ ප්‍රභූවරුන් හමුවීමට පැමිණෙන හෙයින් සුදුසු පරිසරයක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි.
ප්‍රමාණවත් සහ ගැලපෙන මාර්ග පහසුකම් සහිත ප්‍රදේශයක නිවසක් තෝරා ගැනීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරයාට ගැළපෙන සුදුසු නිවසක් නුදුරේදීම සොයා ගැනීමට අපේක්ෂා කරන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් නිවසට ගියේය.
ඔහු තවමත් සිටින්නේ කාල්ටන් නිවසේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මහින්දට හිත ගිය ගෙයක් තවම නෑ
Kamal Tuesday, 16 September 2025 08:27 AM
හිර ගෙදර හරි යන්නේ නැද්ද
ravin Tuesday, 16 September 2025 08:35 AM
කාගේ කාගෙත් අතීත ක්‍රියාකලාපයන් මෙනෙහි කිරීම සියල්ලන්ගේම යහපත් සඳහාම වේ.
බකල ජයා Tuesday, 16 September 2025 08:51 AM
අරාබි නිසොල්ලාසයේ චරිතයක්, සහචරයින් එක්ක කාලයක් හිටපු තැනක් තියෙනවා. ඒකනම් නියෙමටම හිතට වදියි.
Pradeep Kumara Tuesday, 16 September 2025 09:19 AM
ජීවිතේ අන්තිම කාලේ තමන්ගේ තැනකට වෙලා නිදහසේ ඉන්නෙ නැතුව මේ මිනිස්සු විඳවන හැටි. වෙනත් රටවල නායකයින් විශ්‍රාම දිවිය ගතකරන හැටි බලලා වත් හැදෙන්න බලන්න. ලොකු මල් වට්ටි අරන් පන්සල්, පල්ලි, කෝවිල් ගියාට තවම අතහැරීම මොකක්ද කියලා වටහා ගෙන නෑ.
JayasekaraTuesday, 16 September 2025 02:45 PM
කොහොමත් ඔයා බෙන්තර ගගෙන් එහා දකුණේ උන්ගේ තන්හාව හරිම ඉහලයි.... නාඩි වැටෙන අන්තිම මොහොත දක්වාම සල්ලි හම්බකරන්න තමයි දගලන්නේ... ඔවුන් හරිහැටි කන්නෙත් නැහැ.... ඔය දකුණේ උන්ව ආශ්‍රය කරලා අතිදැකීමෙන් කියන්නේ....
Jayasekara Tuesday, 16 September 2025 09:20 AM
ඇයි ඕනතරම් අය කලින් ඉදිරිපත් උනේ ගෙවල් දෙනනම් කියලා...කෝ දැන්?
රොමියෙල් Tuesday, 16 September 2025 09:35 AM
රජාණෝට හිතට අල්ලන්නේ අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය, විජේරාම මන්දිරය වගේ ගෙවල්නේ ඉතින්
ඩැනියල් Wednesday, 17 September 2025 12:21 PM
මම මහින්ද වාදියෙක් නොවෙනවා පමණක් නොවෙයි ඔවුන්ට කිසිමදාක ඡන්දයත් දීපු අයෙකුහ් නොවෙයි. ඒත් ඇත්ත නැත්ත යන්තමින් තේරෙනවා. ඉතින් රොමියෙල් උන්නැහේ ඔහේට ඉඩකඩම් වතුපිටි තියෙන නිසා ඉඩම් සෙවීම අවශ්‍ය නැහැනේ. ඒත් යම් කෙනෙක් ගෙයක් හදන්න ඉඩමක් ගන්නකොට බොහෝ දේවල් හොයනවා හොදයි නැහැ කියන්න ඔහේට පුලුවන්ද? ඒ නිසා ඔබේ අතීත නායකයාට ඔහොම කියන්න එපා...
Ruwan Tuesday, 16 September 2025 09:40 AM
ජාතික කෞතුකාගාරය හොඳ නැද්ද ? ඇයි අර හාමුදුරු කෙනෙකුත් කියලාඅ තිබ්බේ මේක “පුරාවස්තුවක්” කියලා. තවමත් වටිනාකම තක්සේරු කරලා ඉවර නැහැනේ . ඉවර උනාට පස්සේ සුදුසු තැනකට යවාවි .එතකම් කාල්ටන් එකටම වෙලා ඉන්නකෝ
Chandima Tuesday, 16 September 2025 09:41 AM
කටුගේ හරියන්නේ නැතිද?
ලුම්බිණි Tuesday, 16 September 2025 10:29 AM
අනේ පව් අසරණයා
කෞෂිTuesday, 16 September 2025 11:46 AM
සැඟවෙන අමුත්තන්ට එක්ස්ට්‍රා රූම්ස්, හදිස්සියට ලැබ් එකක් දාගන්න ඉඩත් ඕනනේ.
CK.Lankaputhra Tuesday, 16 September 2025 10:32 AM
ඉතින් ඔහෙම ඉන්ඩ කියන්න. ඒ තරම්ම රුදාව තියන අයට මැදමූලන්ස් එකටම හයිවේ දාලා තියෙන්නේ කරදරයක් නැතුව යන්නයි. කොලඹින්ම ගෙයක් ඕන නං බොරැල්ලේ කනත්ත පහුකරනවාත් එක්කම බ්‍රිටිශ් ඉන්ටර්නැශනල් කොලේජ් එකට මෙහායින් නියම ගෙයක් තියනවා.
Pawithraa Tuesday, 16 September 2025 10:36 AM
ඔබ රජෙක් මැතිදුනි
KamalTuesday, 16 September 2025 01:09 PM
රජාට කියලා කරගනින්
beauTuesday, 16 September 2025 02:03 PM
ඇයි ඉතින් රාජනෝ අම්බලමක්ද හොයන්නෙ. දැන් ඒවා බොහොම දුර්ලභයි. අයියෝ... මෙහෙමත් නාඩගම්!
AmalTuesday, 16 September 2025 04:01 PM
බලු රජෙක් !!!
KumasaruWednesday, 17 September 2025 05:21 AM
යම රජුටත්, 30,000 sq.ft මණ්දිරයක් තියෙනවාලු. එහේ යාම ශුවර් !!
ලයන්Wednesday, 17 September 2025 11:55 AM
යම ලෝකෙද
Asanga Tuesday, 16 September 2025 10:38 AM
ඉතින් ඊට පස්සේ
Malika Tuesday, 16 September 2025 11:10 AM
මේවත් සාටක නාටක. තමන්ගේ කළු සල්ලි වලින්ම ප්‍රයෝජන ගන්න බව දැන් මහජනතාව දන්නවා.
Rata Perata Tuesday, 16 September 2025 11:16 AM
පිනට ඉන්න පුළුවන් ගෙදරකට තමයි මිනිහාගේ කැමැත්ත.
pakeer Tuesday, 16 September 2025 11:20 AM
සල්ලි නම් මොනවද? හොඳ තැනක් තමයි ඕනේ! සුභ පතනවා හොඳ තැනක් හම්බ වෙන්න කියලා.
fairoos Tuesday, 16 September 2025 11:39 AM
ඕව් ඕව්, අනිවාර්යෙන්ම කොළඹම ඉන්න ඕනේ. තමන්ගේ පෞද්ගලික සල්ලිවලින් ඕන තැනක ඉන්න කිසිම අවුලක් නෑ
අබා Tuesday, 16 September 2025 11:40 AM
සාගරට කියන්න තිබ්බෙ ලෝක හොරු කුඩ්ඩෝ එන නිසා ඉඩ තියනන තැනක් ඕන කියලා... අර මීහරක් වගේ ඉන්න ලමයි තුන්දෙනාව සුවාසි ලංතේට දීග දුන්නනං ඒහේ ගිහිං රටේ බාගයක් ඉල්ලගෙන ඒහේ රජතුමා එක්ක හොදට ඉන්න තිබබා....
ප්‍රේමරත්න Tuesday, 16 September 2025 12:00 PM
දෙකයි පනහෙ මාලිමා ඩෝබි පඩංගු හිතන්නේ තමන්ගේ යාචක මානසිකත්වයෙන්. රජෙකුට එහෙම හිතෙන්නේ නෑ.
අනිල්Tuesday, 16 September 2025 01:21 PM
ඉතින් ගෙදර අරං පලයංකො ඔච්චර අමාරුවක් තියෙනවා නං
JayasekaraTuesday, 16 September 2025 02:36 PM
කට්ටියම පහුගිය කාලේ මහජන මුදල් කාබාසිනිය කරපුවා එතකොට ? ... දැන් කොහොමත් විපක්ෂේ පඩංගු වෙලා තමයි ඉන්නේ... 2/3 බලයක් හමුවේ...
Perera Tuesday, 16 September 2025 12:02 PM
හිතට හරියන වර්ග අඩි 30,000ක ගෙයක් හොයගන්න ටිකක් අමාරු වෙයි ඉතින්.
Jagath Leanage Tuesday, 16 September 2025 12:16 PM
බොරැල්ල කිට්ටුවෙන් ගෙයක් හොයා ගන්න.
AmaravathiTuesday, 16 September 2025 03:59 PM
පංචිකාවත්ත හොඳ නැද්ද ? පරණ බඩු ඔක්කොම තියෙන්නේ එහෙ .
sam Tuesday, 16 September 2025 04:46 PM
වැලිගම කාල්ටන් වලට ආසන්නයි.
Nandalal DE SILVA - France Tuesday, 16 September 2025 08:12 PM
ඒ කියන්නේ කන්නත් පොදු සුසනා භූමියේ අඩි හැයක් යටද? මැදමුලන ඔයා වගේ ඉඩම් කොටසක්වත් නෑද? මහජන මුදලින් ගොට්ට හදා දීපු සොහොනේවත් බලන්න කියා සගරට හිටුණේ නෑද බලෝ....
MindZap Tuesday, 16 September 2025 12:28 PM
මෙතන වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි. ඔය ගෙවල් දෙන්නම් කිව්වට දෙන්න ඉන්න මිනිහට ඔච්චර සල්ලි කොහොමද ලැබුනේ කියන ප්‍රශ්නෙටත් මුහුණ දෙන්න වෙන නිසා කිව්ව තරමටම වැඩේ වෙන්නේ නැහැ. මෙයාට ගෙවල් දෙන්නනම් පුළුවන් මෙයා බලයේ ඉන්නකොට හොඳට රට කාපු හොරෙකුම තමයි.
අබා Tuesday, 16 September 2025 12:43 PM
මෙහෙමයි මිනිස්සු කුලියට දෙන්න බයයි.. ආයේ දුම්මල ගැහුවත් ඒලෝගන්න බැහැ කියලා දන්නවනේ.. මෝය කටට දැම්මා කියලා හිතාගෙන දෙන්න ඕන කුලියට මාසෙකට හරි දුන්නත්...
Kamal Tuesday, 16 September 2025 01:08 PM
බොරැල්ල කනත්තේ ගෙදර හොඳ මදිද
අරවින්ද මොණරවිල Tuesday, 16 September 2025 01:33 PM
වැලිකඩ හිරගෙය තමයි මම හිතන්නේ වඩාත්ම සුදුසු !
beau Tuesday, 16 September 2025 02:01 PM
සුදුසු ගෙයක් නැත්නම්, තමන්ගේ ගෙදරට එක්කගෙන යන්න එපැයි
beau Tuesday, 16 September 2025 02:04 PM
IDH එකේනම් මෙයාට සුදුසු ගෙයක් තියනවා
විදුරංග Tuesday, 16 September 2025 02:22 PM
ඔය විපක්ෂයෙ ලොකු ටෝක් දෙන සෙට් එකටයි කියන්නෙ, ඔයාල යන්න ට්‍රිප් එක්ක කොහෙ හරි. ගිහින් අහල බලන්නඔයාලව දන්නෙ අදුරන්නෙ නැති සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එයාල මොකද හිතන්නෙ කියල ඔබතුමාල ගැනයි, ඔබතුමාල කියන දේවල් ගැනයි. ඔය යන විදිහටම ගියොත් අායෙ අාත්මෙකටවත් මේ රටේ බලය ගන්න බැහැ.
නිහාල් Tuesday, 16 September 2025 02:28 PM
අර පන්සලේ තියනවා කිව්ව කාමරය හරි යන්නේ නැද්ද
Mm Tuesday, 16 September 2025 03:22 PM
මෙි මිනිස්සු තාම හිතේ තියන බලලෝභිකම අයින් කරල නැහැ දැන් වල පයයි ගොඩ පයයි තවත් මොනවද රටම හොරාකාලා එවිව තියාගෙන මොනවද කරන හිගන වැඩ අනික රජ පරමිපරාවෙන් ආව එවුන් ද රටම හොරාකාල තවත් මදි මුන්ට කාලකන්නි
Mm Tuesday, 16 September 2025 03:24 PM
ඇත්තු වගේ පුත්තු තුන් දෙනෙක් ඉන්නෙ. ඇයි උන්ට බැරිද හොරකමි කකරපු සල්ලි වලින් බලා ගන්න හොර කාලකන්නි හැත්ත
sene Tuesday, 16 September 2025 03:28 PM
හොරු සහ බොරු අතර පරතරය ? අද පාරිශුද්ධ ඈයෝ චන්දයට පෙර තමන් ජනතාව වෙනුවෙන් දුක් විදින දුප්පත් කමින් පෙලෙන බවට කී දෑ , දැන් මහා දනවතුnන් නේ ? අනුන්ට ගරහන්නට පෙර තමන් නිවැරදි වෙන්න
කපුරුහාමි Tuesday, 16 September 2025 03:32 PM
පන්නපු වෙලාවේ නේවි කෑම්ප් එකක හැන්ගිලා හිටියනේ? ඒ වගේ තැනක හැම අතින්ම ආරක්ෂාවකුත් තියෙනවා.
පිටරැටියා Tuesday, 16 September 2025 03:51 PM
සුනාමියෙන් අවතැන්වූ අසරණයන්ට එවපු පව්ම් මිලියන ගානක ආදාරත් හොරාකාපු කෙනෙකුට ,කොහොම තැනක් හොයාගන්ඩ බැරිද?
රාලහාමි Tuesday, 16 September 2025 03:55 PM
මටනම් හිතෙන්නේ මෙයාව දෙහිවල සත්තුවත්තට බාරදෙන්න කියලයි.නමුත් ..පොඩි ප්‍රශ්නයක් තියෙනවා, මේ හාදයා රටේ ලොක්කාවෙලා හිටපු කාලේ කරපු අසික්කිත මිනීමරු හොර වල් වැඩ සත්තු වත්තේ සත්තු ඉගෙන ගත්තොත් උනුත් ඉවරයි.ඒ නිසා ඒ මගේ යෝජනාව වහාම අයින්කරගන්නවා.
Deepal Tuesday, 16 September 2025 04:48 PM
කෙදිරිගාන්න ඕනෙ නෑ... කරදරයක්වැ නැතුව සැදෑ සමය ගතකරන්න හොඳම තැන වැලිකඩ හොඳ මදිද මන්ද....
DeepaniTuesday, 16 September 2025 06:05 PM
මයින්ද මහත්තෙයා නොහිටින්න ඔය අවලාද නගන ඔක්කොටම ප්‍රභාකරන්ගෙ හිරගෙවල්වලත් ඔවුන්ගේ සේවකයින් හැටියටත් ඉන්නම වුනානම් තමයි හොද .දැක්කනෙ මයින්ද මහත්තෙයා මැද මුලනට ගියාම උතුරෙ සැනකෙළි තිබුන හැටි
මහින්ද රාජපස්ස Wednesday, 17 September 2025 03:05 AM
වැලිකඩ නරක නැහැ. හැබැයි වර්ග අඩි 50 000 ක් හෝ ඊට වැඩි තට්ටු දෙකේ ගෙදරක් වීම අත්‍යවශ්‍යයි. ලිෆ්ට් එකක් තිබිය යුතුයි. ලස්සන ගාර්ඩන් එකක් ඕනා.වාහන 10 ක් විතර පාර්ක් කරන්න පුළුවන් ඉඩක් අවශ්‍යයි.අවට ජීවත්වන මිනිස්සු වැදගත් අය විය යුතුයි.( ඔය ලපයි සිපයි ,හොරු,කුඩ්ඩෝ ,මිනීමරුවෝ ..අවට සිටීනම් නිවාසය විකුණන පුද්ගලයා උන්ව ඒ ප්‍රදේශයෙන් ඉවත් කල යුතුයි ,මොකද ..මම වගේ වැදගත් ,තේජවන්ත , පිරිසිදු , නිකැළැල් උත්තමයෙක් සිටිය යුත්තේ බොහොම වැදගත් අය සිටින තැනක පමණයි ) නිවස ආසන්නයේ ඇති ප්‍රධාන පාර මීටර් 500 ක් මට අවශ්‍ය වෙලාවට වැසීමට හැකිවිය යුතුයි මොකද මගේ නෝනා උදේට උදේට අස්සයෝ පදිනවානේ. මිල ප්‍රශ්නයක් නැත !!! අවශ්‍යනම් ඩොලර් වලින්ම ගෙවන්නත් පුළුවන්.එය ගෙවන්නේ මම නොවෙයි..පරිත්‍යාගයක් වශයෙන් මුදල් එවන්නේ ඩුබායි වල විවේක සුවයෙන් සිටින ලොකුම ලොකු ජාත්‍යන්තර ව්‍යාපාරිකයෙක් විසින්.
Chathuri Tuesday, 16 September 2025 05:26 PM
දැන් තියෙන්නෙ එක තැනයි. කැමතිවුනත් නැතත් අනිවාරෙය්න් යන්න වෙනවා සදහටම . සැතපෙන තැනට. ඔය කටින් කිව්වට ගෙවල් තියෙනවා කියලා. රජයේ ගෙදර තරම් මාලිගා දෙන්න මිනිසුන්ට පිස්සු නැහැ. මෙයා ගෝඩ් ෆාදර් . කෝලම් දැන් ඉතින් නිකරුනේ මුදල්. වියදම් කරපු කාලේ ඉවරයි ජනතාවගෙ. නවරියන් තමයි අන්තිමට ඉතුරුවුනේ . එදාට නාමල් බේබි රන් වැටක් ගහන්න. ලෑස්තිකරලා ඇති හොරා කෑ මුදලින්
පිටිගල මිලානෝ Tuesday, 16 September 2025 05:39 PM
එලොවටත් නැති මෙලොවටත් නැති තන්හාව නිසාම වැනසුන පව්කාර ජීවිතයක්….
Bandara Tuesday, 16 September 2025 05:57 PM
අර පන දෙන්න උනත් සුදානම් අනුෂ ගේ ගෙදර හරි රුවන්ති ගේ ගෙදර හරි හොඳ නැද්ද?
Shiranthi Tuesday, 16 September 2025 06:45 PM
සිපිරි ගෙය තාම ඉතින් . ටිකක් ඉවසලා ඉන්නකෝ. හොරා වගේ කරපු දේවල් එලි වේගෙන යනවනේ
පන්සිලු Tuesday, 16 September 2025 06:51 PM
මිනිසුන් කොයිතරම් ගුණමකුද ? දේශපාලන පක්ෂ විතරක් බදා ගත් තිරස්චීන ජනයා බොහෝ සිටින වග පෙනේ. මහින්ද කියන්නෙ නිකම්ම නිකම් ගහකින් බැසගෙන ආපු තම තමන් ගේ නායකයින් වගේ කියලයි ඒ දුර්ජනයින් හිතන්නෙ.මහන්ද කියන්නෙ දෙවැනි ගැමුණු රජු. තිරස්චීනයින් පිලිගත්තත් නැතත් එයයි සත්‍යය.
බද්රානි Tuesday, 16 September 2025 07:06 PM
ඉස්සර මම බහිරවයෝ, මළ පෙරේතයෝ, කුම්භාන්ඩයෝ ,, මේ ලෝකයේ ඉන්නවා කියලා කොහෙත්ම විශ්වාස කලේ නැහැ.. එත්, ඔබතුමාට පින්සිද්ධ වෙන්නට, දැන් මම ඒක විශ්වාස කරනවා... බලයට හෝ, ධනයට හෝ මේ භුමියට මෙතරම් කෑදර කමින් මේ මහපොළොව බදාගෙන කවරෙකු හෝ මිය ගියොත් ඔහු හෝ ඇය අනිවාර්යයෙන් බහිරවයෙක් වෙලා මේ ලෝකේ උපදිනවා...ඒ බහිරව බිලි ගැන හිතද්දී මට නම් බයක් දැනෙනවා... මටත් දැන් තමයි හිතෙන්නේ, නිගන්ටයින්ගෙන් පිරිත් නූල් බැඳ ගත්තම අත් හැරීමට වඩා මහපොළොව බදා ගෙන ජීවත්වීමට සිත පොළොඹ වන බව...බලාගෙන ගියාම, ඇමරිකාවේ, යුරෝපයේ නායකයෝ අදහලා තියෙන්නේ අපේ බෞද්ධ දර්ශනෙනේ...හොඳ වෙලාවට අපේ ඝනයෝ ඔවුන්ට වැදී බන නොකිව්වේ..
විපරමා Tuesday, 16 September 2025 07:24 PM
ආර්තික ගාතකයා සුනාමි හොරා කියලා අදිකරණයෙන් පවා වරදකරු වෙලා ? නීතී ගරුක සිෂ්ට සම්පන්න රටක නම් මෙළහකටත් හිරේට යවලා ?
Lasantha Wednesday, 17 September 2025 12:34 AM
ජයරත්න එකට එහා පැත්තෙ ගෙයක් කුලියට දෙන්න දාලා තිබුන. ඒත් කෙටි කාලෙකට නිසා සෑහෙන ගානක් ඉල්ලයි.
maali Wednesday, 17 September 2025 03:27 AM
දැන් කාලේ ශෝට් ටර්ම් ගෙවල් දෙනේ නෑ මිනිසුන්. ඉන්නේ ටික කාලෙ නේ?
ගුණරත්න Wednesday, 17 September 2025 08:06 AM
ජවිපෙ මාළිමා කුහක මානසිකත්වය මොකක්ද කියල බලාගන්න මේ කමෙන්ටු කියවන්න. අපිත් දැන් ඉන්න ගේ හදාගන්න කලින් හැම අවුරුදු දෙකකටම සැරයක් නිවාස බලන්න ඇවිදලා තියෙනවා. මේ රස්සාවක් නොකරපු ජවිපෙ ලොක්කන්ගේ වත්කම් මම හිතන් හිටියේ ප්‍රකාශ කරන්නවත් දෙයක් නැතිව ඇති කියල, මොකෝ හැමදේම කවුරුහරි යාලුවෙක් දීපු ඒවා. එහෙම නැත්නම් මාරුකරගෙන අඳින ඒවා. කොළඹ පුරපතිතුමිය ප්‍රසිද්ධියේ කියුවා ඇඳුම් මාරුකරන් අඳිනවා කියල. ඉතින් මාත් හිතාගෙන හිටියේ දුප්පත් වෙන්න ඇති කියල. දෙය්යෝ සාක්කි කෝටි 27ක් වත්කම් තියෙනවා කියල එකෙක් රූපවාහිනියේ ප්‍රසිද්ධියේ කියුවා. නියම වත්කම ඔය වගේ දෙගුනයක්වත් ඇති, අනිත් උන් ඊට හපන් වෙන්න ඕන.
කපුරුහාමි Wednesday, 17 September 2025 12:47 PM
මොලේ උඩ ඉන්න වහල්ලු ගැන කවර කතාද? පොල් ගෙඩියක් තරම් ඔලුවක් තිබුනට අබ ඇටයක තරම් වත් හිතන්ඩ මොලයක් නැතිකම..හිතාගෙන ඉන්නේ මේ රටේ ජනතාව ඇස් කන් නැති ,මැරිලා ඉපදුනු අය කියලා වෙන්ඩැ?