(අංජුල මහික වීරරත්න)
අධිකරණ පද්ධතිය කෙරෙහි ජනතාව තුළ ඇති විශ්වාසය තහවුරු කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ අද (6)පැවසීය.
දේශපාලන අධිකාරීත්වය පිළිබඳව පැවති ජනතා අදහස් වෙනස් කර විශ්වාසය තහවුරු කළ යුතු යැයිද මහජන අපේක්ෂා බිඳ වැටීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපතිවරයා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අතර සාකච්ඡාව අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
නීතිය පසිඳලීම සඳහා ක්‍රියා කරන සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එසේ මහජන අපේක්ෂා බිඳ වැටීමට රජයක් ලෙස කටයුතු නොකරන බවත්, ජනතාවගේ සිත් තුළ බිඳ වැටී තිබුණු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න සහ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ යන මහත්වරු ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහජන අපේක්ෂා බිඳ දාන්න ඉඩ දෙන්නෙ නෑ
පාඨකයෙක් Monday, 06 January 2025 06:05 PM
අමුතුවෙන් බිඳින්න දෙයක් ඉතුරුවෙලා නැහැ! වෙන අවුරුදුවල මාර්ගගත ක්‍රමයට වාහනයේ ලියාපදිංචිය අලුත් කළාම දවස් දෙකකින් කූරියර් සේවයෙන් ගෙදරට ලැබෙනවා. නිකම් නෙවෙයි, එහෙම කරන්න ගාස්තුවකුත් අය කරගෙන. 2024 දෙසැම්බර් 14 වෙනිදා අලුත් කරපු ලියාපදිංචියට සහතිකය ලැබුණේ 2025 ජනවාරි 6 වෙනිදා...!
බකල ජයා Monday, 06 January 2025 06:31 PM
ලොක්කන්ට දාලා තිබුණු නීතිපති විසින් ඉල්ලා අස්කරගත් නඩු, තාක්ෂණික දෝෂ මත ඉවත්කරගත් නඩු, සාක්ෂි මදි කියලා අථාර්කිකව අයින් කරගත්තු නඩු ඔක්කෝම නැවත විවෘත කරලා අඩුම ගණනේ 80%ක් සාර්ථකව දඬුවමකින් අවසන් වුණොත්, ජනතාවගේ විශ්වාසය තහවුරු වෙයි. නැත්නම්...
Jamal Tuesday, 07 January 2025 06:46 AM
මෙච්චරත් පච විදලා අපේක්ෂා බිඳිලා නැහැ කියලද හිතන්නේ.