
(රොමේෂ් මධූෂංක)
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති අනුර කුමර දිසානායක මහතා විසින් අවසන් ගෞරවය දැක්වීම අද (31) සිදු විය.
ඒ මාවෙයි සේනාධිරාජ මහතාගේ දේහය මේ වන විට තැන්පත් කොට ඇති ඒ මහතාගේ නිවස පිහිටි යාපනය මාවට්ටපුරම් ප්‍රදේශය වෙතට ජනාධිපතිතුමන් ගොස් අවසන් ගෞරවයන් දැක්වීම සහ පවුලේ ඥාතීන් හමු විය.
එහිදී මාවෙයි සේනාධිරාජා මහතාගේ පවුලේ ඥාතීන් සමග සිය ශෝකය පල කොට සිටි ජනාධිපති තුමන් විසින් මාවෙයි සේනාධිරාජා මහතා දෙමළ ජනාතව වෙනුවෙන් සිදු කරන ලද කැපවීම් සහ කැප කිරීම් මෙන්ම සිදු කරන ලද සේවාවන් මෙහිදී සිහිපත් කරන ලදි.
මාවෙයි සේනාධිරාජ මහතාගේ අවසන් කටයුතු 02 වනදා වන ඉරිදා දිනයේදී මාවට්ටපුරම් තච්චන්කාඩු හින්දු සුසාණ භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙන බවටද මෙහිදී මාවෙයි සේනාධිරාජා මහතාගේ ඥාතීන් විසින් ජනාධිපතිතුමන් වෙතට දැනුම් දී සිටියහ.

2025 දෙසැම්බර් මස 18
519
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාවෙයිට ජනපති අවසන් ගෞරව දක්වයි
andare Friday, 31 January 2025 05:06 PM
වැරැදිලාවත් සීයා හිටියා නම් එයා මේ ගමන යන්නේ හෙලිකොප්ටරයෙන් ඒත් අපේ ජනාධිපතිතුමා එහෙම නාස්තිකාරී වැඩ කරන්නේ නැහැ. එනිසා එතුමා කෝච්චියෙන් තමයි මේ ගමන එන්න ඇත්තේ... මයේ හිතේ...!