
(රොමේෂ් මධූෂංක)
අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාට ජනාධිපති අනුර කුමර දිසානායක මහතා විසින් අවසන් ගෞරවය දැක්වීම අද (31) සිදු විය.
ඒ මාවෙයි සේනාධිරාජ මහතාගේ දේහය මේ වන විට තැන්පත් කොට ඇති ඒ මහතාගේ නිවස පිහිටි යාපනය මාවට්ටපුරම් ප්‍රදේශය වෙතට ජනාධිපතිතුමන් ගොස් අවසන් ගෞරවයන් දැක්වීම සහ පවුලේ ඥාතීන් හමු විය.
එහිදී මාවෙයි සේනාධිරාජා මහතාගේ පවුලේ ඥාතීන් සමග සිය ශෝකය පල කොට සිටි ජනාධිපති තුමන් විසින් මාවෙයි සේනාධිරාජා මහතා දෙමළ ජනාතව වෙනුවෙන් සිදු කරන ලද කැපවීම් සහ කැප කිරීම් මෙන්ම සිදු කරන ලද සේවාවන් මෙහිදී සිහිපත් කරන ලදි.
මාවෙයි සේනාධිරාජ මහතාගේ අවසන් කටයුතු 02 වනදා වන ඉරිදා දිනයේදී මාවට්ටපුරම් තච්චන්කාඩු හින්දු සුසාණ භූමියේදී සිදුකිරීමට නියමිතව තිබෙන බවටද මෙහිදී මාවෙයි සේනාධිරාජා මහතාගේ ඥාතීන් විසින් ජනාධිපතිතුමන් වෙතට දැනුම් දී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැදිලාවත් සීයා හිටියා නම් එයා මේ ගමන යන්නේ හෙලිකොප්ටරයෙන් ඒත් අපේ ජනාධිපතිතුමා එහෙම නාස්තිකාරී වැඩ කරන්නේ නැහැ. එනිසා එතුමා කෝච්චියෙන් තමයි මේ ගමන එන්න ඇත්තේ... මයේ හිතේ...!