IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෝල් ගස් පහරින් තරුණයා මරුට

( සමන් පාලිත නානායක්කාර) 

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී  නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු  මෝල්ගස් පහර කෑමට ලක්වී එම නිවස තුළදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව රිදී මාලියද්ද පොලිසිය පැවසීය. 

මෙසේ  ජීවිතක්ෂයට පත් වී ඇත්තේ රාජපක්ෂ  මුදියන්සේලාගේ  නිපුන් සංජුල නැමැති විසි අට හැවිරිදි පුද්ගලයෙකි.  ඔහු පෙතියාගොඩ රිදී මාලියද්ද ලිපිනයේ පදිංචි වී සිටි අයකු බවද පොලිසිය කියයි.

අංශභාග රෝගී තත්ත්වයෙන් පසුවන බිරිඳ සමඟ අඹු සැමි යුවළක් පමණක් එම නිවසේ එම අවස්ථාවේ  සිට ඇති අතර මරණකරු පොල්ලක් ද රැගෙන  විත්  නිවසේ දොර කඩා බලහත්කාරයෙන්  ඇතුල්වී ඇති බවද පොලිසිය කියයි. 

සැකකරු නිවස තුළදීම පොලීසියට භාර වීමෙන් පසුව  අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරියකු බවද පොලිසිය කියයි. මරණකරු නිවෙස් හිමියාගේ දියණිය  සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් මෙම ආරවුල හටගෙන ඇතැයිද පොලීසිය කියයි.



අදහස් (0)

මෝල් ගස් පහරින් තරුණයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site