
(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකුගේ මෙහෙයවීම මත මෝදර ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිට කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (22) මල්වඩමක් සහ ටී 56 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් තබාගොස් ඇති බව මෝදර පොලිසිය පවසයි.
මෝදර, හියුබට් පෙදෙස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නිවෙස ඉදිරිපිට මෙසේ මල්වඩමක් සහ උණ්ඩ තබා ගොස් ඇති බව පොලිසිය පවසයි.
සී.සී.ටී.වී දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසු ලබාගත් තොරතුරු අනුව එම සැකකරු ඊයේ (22) අලුයම එම නිවෙස ඉදිරිපිට මෙම උණ්ඩ සහ මල්වඩම දමා යන බවට අනාවරණය වී ඇත.
දැනට විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සමග ඇති අමනාපකමක් මත එම අපරාධකරුගේ පාර්ශවයේ පුද්ගලයකු විසින් උණ්ඩ සහ මල්වඩම තබා යන්නට ඇතැයි පොලිසිය සැකපළ කරයි.
2025 දෙසැම්බර් මස 04
424
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
453
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මල්වඩමක්-උණ්ඩ 10 ක් මෝදර නිවෙසක් ඉදිරිපිට තබාගිහින්