
(අංජුල මහික වීරරත්න)
මැලේසියාවේ සංචාරක, වෙළෙඳාම් සහ අධ්‍යාපන ක්ෂේත්‍ර වල මෙන්ම මෑතකාලීනව අත්පත් කර ගත් ජයග්‍රහණවල අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකාවේ මැලේසියා මහකොමසාරිස් බද්ලි හිෂාම් බින් ඇඩම් (Badli Hisham bin Adam) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය.
ජනාධිපතිවරයා සහ මැලේසියා මහ කොමසාරිස්වරයා අතර හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පවතින සමීප සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd