
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පවතින මුල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජන රජයෙහි මූල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධි විධාන ප්‍රකාරව ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත කර ඇත.
එම මූල්‍ය බුද්ධි ඒකකය සහ මොරිෂස් ජන රජයේ මුල්‍ය බුද්ධි ඒකකය අතර, මුදල් විශුද්ධිකරණය, ඒ ආශ්‍රිත පූර්ව පාදක අපරාධ, ත්‍රස්තවාදය සඳහා අරමුදල් සැපයීම සහ අවි ව්‍යාප්තිය සඳහා අරමුදල් සැපයීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හෝ නඩු පැවරීම සඳහා අදාළ වේ යැයි සාධාරණ හේතු මත අනුමාන කරන තොරතුරු බෙදා ගැනීම සඳහා රාමුවක් සැපයීමේ අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව යෝජිත අවබෝධතා ගිවිසුමට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
65
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1560
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මූල්‍ය වංචා මඩින්න ලංකා-මොරිෂස් ගිවිසුමක්