(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර මාලමුල්ල පින්වල ප්‍රදේශයේ දි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් නවීනතම ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා ජම්පටා වීදිය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන කුඩු සෙල්විගේ කණ්ඩායමේ ප්‍රධානතම පුද්ගලයෙකු වන පළවෙනි රෙමෝෂන් ක්ලෝරියන්ස් යන අයගේ හා ඩුබායිහී සිට මෙරට ජම්පටා වීදිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන අරවින්දි යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන ප්‍රධානතම ගෝලයන් බවත් පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා විදේශ ගතව පලායාමට අවශ්‍ය ලිපි ලේඛන සූදානම් කරගෙන තිබූ බවට මූලික ප්‍රශ්න කිරීමේදී තොරතුරු අනාවරණය වු බව පොලිසිය කියයි. ඉකුත් 29වෙනි දින පානදුර මාලමුල්ල රණවිරු හේමන්ත මාවත ප්‍රදේශයේ කොටහළු මංගල්‍යය උත්සවයකදී මෙම වෙඩි තැබීම සිදු විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාලමුල්ලේ වෙඩි තැබීමට දෙන්නෙක් අත්අඩංගුවට