
(යොහාන් භාසුර)
මාලනී ෆොන්සේකා මහත්මිය ප්‍රතිභාපූර්ණ රංගවේදිනියක ලෙස දශක ගණනාවක් මෙරට සිනමාව අර්ථෙයන්, රසයෙන් සහ රූපයෙන් පෝෂණය කර නික්මයාමෙන් දේශීය සිනමාවේ ඇතිවන හිඩැස නැවත පිරවිය නොහැක්කක් යැයි හැගෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවේ ප්‍රථම හා එකම නිළි රැජින වෙමින් දේශීය සිනමාව සිය රංගන දායකත්වයෙන් පෝෂණය කළ මාලනී ෆොන්සේකා මහත්මියගේ අභාවය සැළවීමෙන් තමන් මහත් කම්පනයට පත්වූ බවත් නිධානය, සිරිපාල හා රන්මැණිකා, බඹරු ඇවිත්, ආරාධනා, හිඟන කොල්ලා ඇතුළු සියයකට අධික ජනාදරයට පත් සිනමා නිර්මාණයන් ස්වකීය නිසඟ රංගන දායකත්වයෙන් පෝෂණය කළ ඇය ඒ වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ විශේෂ ජූරි සම්මානයෙන් හා සරසවිය සම්මාන රැසකින්ම පිදුම් ලැබීමට තරම් භාග්‍යවන්ත වූ බවත් අග්‍රාමාත්‍යවරිය පවසන්නීය.
ඇය පණ පෙවූ අපූර්ව චරිතයන්ගේ සදාතනික මතකයන් පමණක් නොව, සිනමාව වැනි ඉසියුම් කලා මාධ්‍යයකට දායකවීමේ දී තමන් ඒ වෙනුවෙන් කෙතරම් කැපවිය යුතුද යන්න භාවිතයෙන්ම පසක් කළ ඇය දේශීය සිනමාවේ හෙට දවස පෝෂණය කරන්නට පෙර මං බලා සිටින මතු පරපුර වෙනුවෙන් පාර කියන තාරකාවක් ද වන බවත් අපගේ පරපුර හැදීවැඩුණේ ඇගේ සිනමාව ඇසුරෙනි අප සිනමාවට පෙම්බැන්දේ ඇගේ රංගනය නිසාවෙන් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වැඩි දුරටත් සඳහන් කළාය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාලනීගේ අභාවයෙන් ඇතිවු හිඩැස පිරවිය නොහැකියි
Nishan Sunday, 25 May 2025 04:00 PM
ඒ නිසාද එතුමියට ප්‍රතිකාර ගන්න ජනාධිපති අරමුදලෙන් ආධාර කළාම ඒ ගැන සීඅයිඩී ගියේ. අනේ මෙහෙමත් ලැජ්ජාවක් නැති අමනුස්සයෝ...!
haritha Sunday, 25 May 2025 05:16 PM
අන්තිමේදී හරි නිහාල් නෙල්සන්ට මාලනීගේ වටිනාකම තේරුම් ගියා..
පිටිගල මිලානෝ Sunday, 25 May 2025 07:00 PM
ඇයි ගීතක්කා...?
primeshika Sunday, 25 May 2025 11:17 PM
පුලුවන්නං ඒකත් පුරවයි මෙයාලා..
ශාන් Monday, 26 May 2025 07:10 AM
ප්‍රථම සහ එකම කියන එක නිවැරැදි නෑ නේද? මම අහලා තියන විදියට රුක්මණි දේවිත් අතිවිශාල ජන ආකර්ෂණයක් තිබුන රැජිනක් තත්වයේ ලා සැළකුම් ලැබූ නිළියක්.