(යොහාන් භාසුර)
මාලදිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින වරාය ශ්‍රී ලංකා ආයෝජකයෙක් සමඟ එකතු වී සංවර්ධනය කර ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට සියයට 50 ක බදු සහනයක් දීමට ඔවුන් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව මඟහැරිය නොහැකි මහගු අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාවේ සභාපති සුදේෂ් මෙන්ඩිස් මහතා පැවසීය.
රජය මැදිහත්ව පෞද්ගලික අංශයත් සමඟ එකතුව මෙයට මැදිහත් වීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද ඒ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා - මාලදිවයින් ව්‍යාපාරික සභාව මාලදිවයිනේ සංචාරය කළ සකස් කළ වාර්තාව එළිදැක්වීමේ අවස්ථාවේදී සුදේෂ් මෙන්ඩිස් මහතා එසේ සඳහන් කළේය.
ශ්‍රී ලංකවේ පිහිටීම අනුව ගාල්ල වරායේ විදේශ වෙළෙදාමට සම්බන්ධ බෙහෝ දේවල් මේ වන විට සිදුවන බවත් මාලිදිවයින ශ්‍රී ලංකාවට යෝජනා කළ වරාය ශ්‍රී ලංකාවට සමාන්තරව තිබෙන බවත් ඔහු කීය.
ශ්‍රී ලංකාව මෙම අවස්ථාව ප්‍රයෝජනයට නොගත හොත් එම වරායත් සමඟ වෙනත් රටක් සම්බන්ධ වුවහොත් ශ්‍රී ලංකාවේ මුහුදු මාර්ගයෙන් කරන ව්‍යාපරවලට විශාල බලපෑම් කිරීමේ අවස්ථාවක් ඇති බවත් ඔහු පැවසීය.
මෙම අවස්ථාව ශ්‍රී ලංකාව මඟ හැරියොත් ගාල්ල වාරයේ වන මුහුදු මාර්ගයෙන් වන වෙළෙදාමට දැඩි බලපෑමක් වන බවත් ඒ හේතුවෙන් මෙරට බලධාරීන් එය ප්‍රයෝජනයට ගතයුතු බවත් මෙන්ඩිස් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලදිවයිනෙන් අපනයනය කරන වැඩිම හරියක් ගන්නේ ලංකාව, හැබැයි ලංකාව මාලදිවයිනට අපනයනය කරන්නේ ඉතා සොච්චම් ප්‍රමාණයක්. මේක ලොකු අවස්ථාවක්.
ඔහොම ආයෝජනය කරන්න එකෙක් ලංකාවේ උන්නානම් අධානිට අපේ වරායෙන් කොටසක් දෙන්න උවමනා නැහැ නේ