IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


මාලදිවයින් ආයෝජකයන්ට ලංකාව විශ්වාසදායක තැනක්

(අංජුල මහික වීරරත්න)

මාලදිවයින් ආයෝජකයන්ට සැමවිටම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයිනේදී පැවසීය.

ආයෝජකයන්ට සහය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට  එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රණය සකසමින් සිටින බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර දිසානායක මහතා මේ බව පැවසූයේ මාලේ නුවර පැවැති නිල පිළිගැනීමේ රාජ්‍ය උත්සවයෙන් අනතුරුව දෙරට සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

දෙපාර්ශ්වයටම පහසු දිනයක ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසට එහිදී ජනාධිපති අනුර දිසානායක මහතා මාලදිවයින්  ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාට ආරාධනාවක්ද කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සමීප ද්විපාර්ශ්වික සබඳතා, සුහද හවුල්කාරිත්වය, සමීප මිත්‍රත්වය සහ අනාගත සහයෝගීතාව සංකේතවත් කරන මාගේ පළමු මාලදිවයින් රාජ්‍ය සංචාරයේදී මාලේ නුවර වෙත පැමිණීමට ලැබීම සැබැවින්ම සතුටක්. මෙම සංචාරය අප දෙරට අතර පවතින සම්බන්ධතාවට නව උද්‍යෝගයක් සහ ශක්තියක් එක් කරන බව මා විශ්වාස කරනවා.



අදහස් (4)

මාලදිවයින් ආයෝජකයන්ට ලංකාව විශ්වාසදායක තැනක්

Shantha Monday, 28 July 2025 11:54 PM

බලපල්ලකෝ යන තේජස විතරක්. අපේ ජනාධිපති කියන්න ලැබීමත් අපිට ආඩම්බරයක්.

:       7       2

Nishan Tuesday, 29 July 2025 04:27 AM

කරවල, හාල්මැස්සෝ, උම්බලකඩ තමයි මාලදිවයිනෙන් එන ආයෝජන

:       3       6

Bunny Preena Tuesday, 29 July 2025 09:24 AM

මුලු ලොකයෙන්ම ජනාධිපති අනුර කුමාර මහතාට ආරාධනා ලැබෙන එක කාටවත් වලක්වන්න බෑ. මොනවා හරි දොසක් හොයන මෝඩයින්ට නම් ඒතුමාගෙ ටයි එක හොඳ මාතෘකාවක් වෙයි.

:       7       3

Siri Tuesday, 29 July 2025 02:36 PM

අනේ අනිච්චන්. මහ මුහුඳ හැර වෙනත් කිසිම ස්වාභාවික සම්පතක් නැති මාලදිවයින වැනි පුංචි රටකිනුත් උදව් ඉල්ලන්න සිද්ධ උනා එහෙනං. ගුවන් තොටුපලේ දෙවන පර්යන්තයක් හදා ගන්න අපි අවුරුදු ගානක් තටමනවා. ඒගොල්ලෝ මුහුද ගොඩකරලා හදාගත්තු ගුවන් තොටුපලේ දෙවෙනි පර්යන්තය ඊයේ පෙරේදා විවුර්තකරන්නේ ගිනිස් වාර්තාවක් හැටියට ස්ථිර කරපු, ඔයවගේ දේවල් වලට කප් ගහපු චීනය, ජපානය සහ එක්සත් අරාබිය වගේ රටවල් පරාජයකරමින් ලෝකයේ ලොකුම ගිනිකෙළි සංදර්ශනයකුත් එක්කයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site