IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මිරිහාන පිහිණුම් තටාක සිද්දියට හතක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් අය අතර ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරු දෙදෙනකු ,පෙර පාසල් සේවිකාවක හා පිහිනුම් උපදේශකයින් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි.

මියගිය දරුවා පුද්ගලික පෙර පාසලක අධ්‍යාපන ලබන අතර ඉකුත් අටවෙනි දින පාසලේ දරුවන් කණ්ඩායමක්  පුහුණුකරුවකු යටතේ එම හෝටලයේ පිහිනුම් කටයුතු සිදු කරමින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දරුවා දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.



අදහස් (6)

මිරිහාන පිහිණුම් තටාක සිද්දියට හතක් අත්අඩංගුවට

Jagath Leanage Friday, 10 October 2025 07:46 AM

පිහිනුම් තටාක බලාගන්න අය, කෝච්, දෙමාපියන්, ඇතුළු ගොඩක් අය ඉන්දිත්තීත් මෙහෙම දේවල් වෙන එක අදහා ගන්නත් අමාරුය්. පොඩි ළමයාගේ මුන දැක්කම පුදුම දුකක් ඇති උනා. බලධාරීන්ට උපරිමයෙන් දඩුවම් කල යුතුමයි.

:       0       24

රටවැසියා Friday, 10 October 2025 08:51 AM

ලංකාවේ මේ ආකාරයේ ක්‍රිඩා පුහුණු කරන බොහෝ දෙනෙකුට ඒ් සඳහා වෘත්තිය දැනුම සහ විද්‍යාත්මක දැනුමක් නැ! විශේෂයෙන්ම, පුහුණු වන්නා ගේ ආරක්ෂාව ගැන අවබෝධයක් ඇත්තේම නැ! ක්‍රිඩා පුහුණු වලදි දරුවන් විතරක් නෙවෙයි ගුරුවරුන් ද මිය ගිය අවස්ථා තියෙනව! කරුනාකර දෙමව්පියන් මේ ගැන අවබෝධය ලබා ගන්න තමන්ගේ දරුවගේ ආරක්ෂාව ගැන හිතන්න!

:       1       17

බන්ඩා Friday, 10 October 2025 11:10 AM

හරි නම් දෙමව්පියන්වත් අත් අඩන්ගුවට ගන්න ඕනෑ... අවුරුදු පහේ ළමයෙක් ඔහොම අරින්න කැමැත්ත දුන්නාට, සෝබන රැල්ලට අහුවුණු මෝඩයෝ...

:       7       7

Latha Friday, 10 October 2025 11:48 AM

ඇයි ඔය දරුවා එයාගේ උසට වැඩි ගැඹුරු පිහිනුම් තටාකයකට දාන්නේ. පොඩි දරුවන්ට වෙනම පිහිනුම් තටාක තියෙනවනේ. එයා හිටගත්තාම වතුරෙන් උඩ ඔලුව තියෙන්න ඕනේ...

:       0       15

Nimal Friday, 10 October 2025 11:57 AM

හැමදේම මුදලට යට වෙනකොට ඔකයි වැඩේ ... සල්ලි හම්බ වෙනවා නම් ළමයි 100 ක් වුණත් පූල් එකේ පුහුණු කරයි...

:       0       11

Bunny Preena Friday, 10 October 2025 02:40 PM

බොහොම කනගාටුදායක මරණයක්. පළමුවෙන්ම දරුවාගේ දෙමව්පියන් මේ මරණයට වග කිව යුතුය. තමාගේ දරුවා පසලෙන් පිට ක්‍රියාකාරකම්වලට ගෙන යනවානම්, යන ස්ථානය, කරන ක්‍රියාකාරකම්, ඒ ක්‍රියාකාරකම් දරුවන්ගේ ආරක්ෂාවට හෝ ජීවිතයට යම් හානියක් ගෙනෙන විදියෙද යන්න දෙමව්පියන් තරයේ සොයා බලිය යුතුය, දැනුවත් විය යුතුය. ළමයින්ගේ ආරක්ෂාව ප්‍රමුඛ ස්ථානයෙලා කටයුතු කිරීම පසලේ පාලනධිකාරිය සහ ගුරු මණ්ඩලය බැඳීලා ඉන්නවා. පොඩි සීරීමක් උනත් ඔවුන් ඒවාට වග කියා යුතුය. සමහර දෙමව්පියන් සහ පෞද්ගලික පාසල් වල වැඩවල මෙලෝ රහක් නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site