IMG-LOGO

මිරිහාන ජේස්වෙල් හන්දියේදී පී.සි - සාජන්ට වෙඩි තියන්න හදලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මිරිහාන පොලිස් වසමේ පිහිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන්වරයෙකුට ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළේ යැයි කියන සැරයන්වරයකු සහ ඔහු සමග රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

සැකකාර පොලිස් කොස්තාපල්වරයා සන්තකයේ තිබූ එම ගිනි අවිය ද ජීව උණ්ඩ විසි නමයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයාට ජීව උණ්ඩ තිහක් නිකුත් කර තිබූ අතර එයින් එක් උණ්ඩයක් අස්ථානගත වී ඇති බවත් එයට සිදුවූයේ කුමක්ද යන්න ගැන හොයා ගැනීමට පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. හිටපු ජනාධිපතිවරයාගේ නිවස අසල ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේ රැඳී සිට නැතියි පොලීසිය සඳහන් කරයි

එම ස්ථානයේ රැඳී නොසිටි කොස්තාපල්වරයා රාජකාරි කිරීමට යොදවා තිබූ ස්ථානයට පැමිණි අවස්ථාවේ පොලිස් සැරයන්වරයා ඒ ගැන කොස්තාපල් ගෙන් කරුණු විමසා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි

මෙසේ කරුණු විමසීම ගැන කුපිත වූ බව කියන සැකකාර කොස්තාපල්වරයා පොලිස් සැරයන්වරයා සමග බහින්බස් වීමක් සිදු කරගෙන සැරයන්වරයාට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

පොලිස් සැරයන්වරයා මේ බව මිරිහාන මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පරීක්ෂණ පවත්වා සැකකාර කොස්තාපල්වරයා ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (3)

මිරිහාන ජේස්වෙල් හන්දියේදී පී.සි - සාජන්ට වෙඩි තියන්න හදලා

කපුරාළ Sunday, 08 January 2023 08:23 AM

සාපය පැතිරෙමින් පවතී....

:       1       7

fairoos Sunday, 08 January 2023 02:07 PM

වැරැදිලාවත් නන්දෙට වෙඩි වැදුණොත් ඉවරයි...

:       8       6

JagathSSunday, 08 January 2023 07:56 PM

ලංකාවේ අපි ඒ තරම් වාසනාවන්ත නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site