
(අංජුල මහික වීරරත්න)
හෙද සේවාවේ අභිවෘද්ධිය මෙන්ම හෙද නිලධාරීන්ට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු සංගමයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
වත්මන් හෙද සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ නොවිසිදුණු ගැටලු කිහිපයකට කඩිනම් විසදුම් ලබාගැනීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහි දී ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීමට අදාළ ව ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම හා කඩිනමින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම, ප්‍රධාන රෝහල්වල පරිනත හෙද නිලධාරීන්ගේ අඩුව සපුරාලීම, හෙද සොයුරියන්ගේ සහ විශේෂ ශ්‍රේණීයේ හෙද නිලධාරින්ගේ නිල නාම හා වැටුප්තල ලබාදීම ඇතුළු යෝජනා ගැන සාකච්ඡා විය.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්වගේ වී8 එකක් දැන්නම් දෙන එකක් නෑ.