IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මෙරට සියයට 54ක් ණය බරින් මිරිකිලා

(විමුක්ති එස් රුද්‍රිගු)

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරට පවුල්වලින් සියයට 22 ක් ණය බරින් මිරිකී ඇති බවත් වර්තමානය වනවිට මෙරට පවුල් ඒකකවලින් සියයට 54.9 ක් ණය බරින් පීඩිත වී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.

ඉන් වැඩිම ප්‍රතිශතය වූ සියයට 31 ක පවුල් සංඛ්‍යාවක් දේපළ උකස් කිරීම හේතුවෙන් ණය වී ඇති බවද එම වාර්තාවේ දැක්වේ. එසේම තවත් පවුල් එක්ක සියයට 21.9 ක් බැංකුවලට ණය වී ඇති බවත් තවත් සියයට 9.7 ක් මුදල් පොලියට ගැනීම හේතුවෙන් ණය බරින් මිරිකී ඇති බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

නිදහස ලැබීමෙන් පසු මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකික පවුල් ඒකකවලින් සියයට 60.5 ක අදායම අඩුවී ඇති බවත් ආදායම වැඩි වී ඇත්තේ මෙරට පවුල්වලින් සියයට 3.4 කගේ පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම සමීක්ෂණ වර්තාවක දැක්වේ.

ආර්ථික අර්බුදය හමුවේ ආදායම නොවෙනස්ව ලැබී ඇත්තේ ශ්‍රී ලාංකික පවුල් සියයට 36.6 කට පමණක් බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි. ශ්‍රී ලාංකික පවුල්වලින් සියයට 91.1 ක සමස්ත සාමන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බවත් මාසික වියදම අඩුවී ඇත්තේ පවුල්වලින් සියයට 3.6 ක පමණක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (5)

මෙරට සියයට 54ක් ණය බරින් මිරිකිලා

Perera Tuesday, 20 May 2025 07:51 AM

ඔහොම වුණේ රට හූරන් කාපු හොරුන්ට පිංසිද්ද වෙන්නයි.

:       2       8

Saman Tuesday, 20 May 2025 08:27 AM

රනිල් මහින්ද ගොඩ දාපු රට ..හා නැද්ද!! Vimale..

:       6       3

යෝගා Tuesday, 20 May 2025 09:26 AM

රටේ සෞඛ්‍ය සහ අධ්‍යාපනය නොමිලේ කියලා කිව්වට මිනිස්සු වැඩිපුරම ණය වෙන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපන වියදම් නිසා.

:       2       6

දිල්ශානි කොඩිතුවක්කු Tuesday, 20 May 2025 10:03 AM

ව්‍යාපාරය වැඩි දියුණු කරගැනීමට ගත්ත ණය මුදල්.ව්‍යාපාරය අඩාල වීමත් සමග ගෙවා ගත නොහැකිව ඇත්තටම අසරණ වෙනව. අපේ රටට විශේශයෙන් ම වෙලා තියෙන්නෙ මිනිසුන්ගෙ කිසිම උත්සාහයක් නොමැතිකම සහ සහනාධාර බලාපොරොත්තුව සිටීම හේතුවෙන් රටේ දියුණුව මන්දගාමි වීම කියලයි මගේ අදහස නම්

:       0       8

fairoos Tuesday, 20 May 2025 11:00 AM

අයියෝ ඒකට කමක් නෑ .අවුරුදු 77 ක් මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු පවුල් හොඳින් ඉන්නවා නේද

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site