
(යොහාන් භාසුර)
මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක පළාත් භාර අධ්‍යක්ෂ, ප්‍රධාන ඉංජිනේරු, විධායක ඉංජිනේරු, ව්‍යාපෘති, ප්‍රාදේශීය සැළසුම් යන කාර්යාල, පෙරමුසු අංගන, වැඩ ඒකක ඇතුළු සියළු වැඩබිම් ප්‍රතිසංවිධානය කිරීමට තීරණය කළ බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පැවසීය.
අධිවේගී මාර්ග, මහාමාර්ග, ග්‍රාමීය මාර්ග, කොන්ක්‍රීට් මාර්ග, උමං මාර්ග, පාළම් ඉදිකිරීම් ඇතුළු සංවර්ධන කාර්යන් සැළසුම් කළ පරිදි කිරීමට අවශ්‍ය ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අවදානය යොමු කළ බවත් මෙම සියලු ව්‍යාපෘති සාර්ථක කරගැනීමට ආයතන ව්‍යූහය ශක්තිමත් ක යුතු බවත් එම අමාත්‍යංශය කීය.
මෙරට මාර්ග සංවර්ධන වැඩසටහනේ ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන කාර්යන් කිරීමේදී මෙතෙක් පැවති ඉදිකිරීම් ප්‍රමාදය මගහරවා ගනිමින්, ව්‍යාපෘති නිසිපරිදි කාර්යක්ෂමව කළ යුතු ආකාරය පිළිබඳ නිලධාරීන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් බත්තරමුල්ල, කොස්වත්ත පිහිටි මහාමාර්ග අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා ද සහභාග විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩබිම් ප්‍රතිසංවිධානය කරාට වැඩක් නෑ! ඔය ව්‍යාපෘති වල ඇස්තමේන්තු ඇත්ත වියදමට වඩා දහ ගුණයක් විතර වැඩියි! දැනුමක් නැති දූෂිත ඉංජිනේරු හොරු කොන්ත්‍රාත් කාරයෝ එක්ක කල්ලි ගැහිලා මහජන මුදල් මංකොල්ල කනවා ! ඔය කොන්ත්‍රාත් ගිවිසුම් හා ගෙවන බිල්පත් සියල්ල මහජනයාට විවෘත වූ විනිවිද භාවයෙන් සිදුවිය යුතුයි! නැත්නම් තවත් වටයකින් නැවතත් රට බංකොලොත් වෙනවා ඒකාන්තයි...!