
(ටී.කේ.ජී.කපිල )
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජයන් සමග සිදු කළ රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මියන්මාරයේ සයිබර් කදවුර තුළින් මුදා ගෙන මෙරටට ගෙන ඒමට හැකි වී තිබේ .
මෙම 15 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මියන්මාරයේ , මියවැඩි නැමති ප්‍රදේශයේ පිහිටි සයිබර් කදවුර තුළින් මුදා ගෙන , දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබේ .
මොවුන් සියලු දෙනාගේ නිශ්කාශන කටයුතු නිමා කර , ඊයේ (07 ) සවස කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව යාම සදහා නිදහස් කර තිබුණි .
2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2370
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මියන්මාරයේ කඳවුරුවල සිරව සිටි ශ්‍රී ලාංකික පිරිසක් යළි මව්රටට
Kamal Koyrala Thursday, 08 May 2025 10:58 AM
රජය මැදිහත්විය යුතුයේ, රජයේ ලියාපදිංචි ආයතනයකින් රට යනවා නම් පමණයි. එමෙන්ම මේ සයිබර් අපරාධ ඉගෙනගෙන මෙරට පැමිණි අයවලුන් ගැන පසු විපරමක් කළ යුතුයි. කුලී ඝාතකයන් ලෙසම මොවුනුත් අපරාධ වලට ගොඩගැනීමට පුළුවන . මෑතකාලයේ නයිජීරියානුවන් පසුපස සිටි මොළකරු වූ ශ්‍රී ලාංකිකයෙකු බව පොලීසිය පවසා තිබේ.