
(ටී.කේ.ජී.කපිල )
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික තරුණයන් 15 දෙනෙකු , එයින් මුදා ගෙන සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය ( International Organization for Migration ) මගින් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය තායිලන්ත සහ මියන්මාර රජයන් සමග සිදු කළ රාජතාන්ත්‍රික මෙහෙයුමකින් අනතුරුව මෙම පිරිස මියන්මාරයේ සයිබර් කදවුර තුළින් මුදා ගෙන මෙරටට ගෙන ඒමට හැකි වී තිබේ .
මෙම 15 දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් මියන්මාරයේ , මියවැඩි නැමති ප්‍රදේශයේ පිහිටි සයිබර් කදවුර තුළින් මුදා ගෙන , දේශසීමාව ඔස්සේ තායිලන්තය වෙත රැගෙන විත් තිබේ .
මොවුන් සියලු දෙනාගේ නිශ්කාශන කටයුතු නිමා කර , ඊයේ (07 ) සවස කටුනායක ගුවන් තොටුපොළෙන් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත්ව යාම සදහා නිදහස් කර තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජය මැදිහත්විය යුතුයේ, රජයේ ලියාපදිංචි ආයතනයකින් රට යනවා නම් පමණයි. එමෙන්ම මේ සයිබර් අපරාධ ඉගෙනගෙන මෙරට පැමිණි අයවලුන් ගැන පසු විපරමක් කළ යුතුයි. කුලී ඝාතකයන් ලෙසම මොවුනුත් අපරාධ වලට ගොඩගැනීමට පුළුවන . මෑතකාලයේ නයිජීරියානුවන් පසුපස සිටි මොළකරු වූ ශ්‍රී ලාංකිකයෙකු බව පොලීසිය පවසා තිබේ.