IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂික - මුදාගැනීමේ ආධාර

(යොහාන් භාසුර)

භූමිකම්පාවෙන් පීඩාවට පත් මියන්මාර ජනතාවට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් වාහාම යැවීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

මියන්මාරයට මානුෂික ආධාර සහ මුදාගැනීමේ කණ්ඩායම් යැවීම සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (31) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම තීරණයට එළඹ තිබේ.

මියන්මාරය මුහුණ දී සිටින තත්වය පිළිබඳව සැළකිල්ල දක්වමින් ක්‍ෂණික මානුෂික ආධාර සැපයීම සඳහා සම්බන්ධිකරණ වැඩපිළිවෙළක් සකස්කිරීමට සහ කඩිනමින් ප්‍රතිචාර දැක්වීමේ කණ්ඩායමක් පිටත්කර හැරීමට ශ්‍රී ලංකා රජය දැඩි අවදානය යොමුකර තිබේ. 



අදහස් (8)

මියන්මාරයට ශ්‍රී ලංකාවෙන් මානුෂික - මුදාගැනීමේ ආධාර

යෝගා Monday, 31 March 2025 05:41 PM

මේවාගේ ජාත්‍යන්තර යුතුකම් ඉෂ්ට කරන්න රනිල් මතක් කරනකම්ම ඉන්න ඕනෑ නේද? L බෝඩ් කියන්නේ නිකන්ද?

:       27       30

ukran Monday, 31 March 2025 05:54 PM

මරු ආණ්ඩුව... එහෙ වැඩ ඔක්කොම ඉවර වුණාම තමයි කට්ටිය යවන්න හදන්නේ... !

:       21       30

බද්රානි Monday, 31 March 2025 07:08 PM

එදා රෝහීන්ගයා මුස්ලිම් වැසියන්ට එලොව එලොව පහරදී, මරා දමා ඔවුන්ගේ දේපළ ගිනි තබද්දී, ඔවුන් රටින් පැන ලංකාවට සරණාගතයින් ලෙස පැමිණෙද්දී, ඒ ගැන ලංකාවේ උපාසක අප්පුලාට දුකක් දැනුනේ නැත්තේ ඇයි..? මියන්මාරයේ සිල්වත්තුත් තම අසල්වැසි මුස්ලිම් ජනතාව කපාකොටා මරා දමද්දී, මතු දිනක, මේ මහපොළොව කම්පා වෙන බව එදා සිතන්න නැතිව ඇති..? එවකට මියන්මාරය පාලනය කළ, යුරෝපා රටවලට පින්සිදු වෙන්නට පන බේරාගත්, අවුසාන් සුකී නමැති උපාසිකාව තම රටේම සුළුතර වැසියන් හමුදාව ඝාතනය කරද්දී, ඉවත බලාගෙන සිටිය හැටි අපිට නම් අමතක නැහැ... තමන්ගේ වර්ගයේ එකා ගැන පමණක් සහකම්පනය දැනී, අනෙකා පිළිබඳව වෛරයෙන් කටයුතු කිරීමට බුදුන් වහන්සේ වදාළ උතුම් බුද්ධ දර්ශනයේ කොතැනකවත් සඳහන් වෙලා තියනවාද..? "මියන්මාර් චිරතුලාගේ" තලෙයිබාන් අබෞද්ධ දහම, ලංකාවේ බලුසේනා හා යම බලකාය මේ රටතුළ ක්‍රියාත්මක කරමින් කළ ඒ ශාසන විරෝධී ක්‍රියාව තමයි අද අපිත් මේ භුක්ති විඳිමින් සිටින්නේ.. ළඟම ඥාතීන්ට හිමිවූ ඒ භුමිය කම්පා කළ ශාපය මේ පැත්තටත් කැරකෙන්න පුළුවන්... ඒ නිසා දැන්වත් මෙත් සිත්ව කටයුතු කරමු...!

:       38       12

NilankaTuesday, 01 April 2025 12:44 AM

මගුල තමයි

:       0       0

DumindaTuesday, 01 April 2025 12:48 AM

පක තමයි බද්‍රානි

:       0       0

prasannaTuesday, 01 April 2025 01:34 PM

අනේ

:       0       1

Che Monday, 31 March 2025 07:33 PM

සහෝදරත්වය නමට විතරයි මරු ආණ්ඩුව... මහින්ද නම් මේ වෙනකොටත් මියන්මාර් ගිහින්...!

:       19       22

සුනෙත් හේමන්ට Tuesday, 01 April 2025 10:14 AM

නිකන් බොරුවට දැන් යවල වැඩක් නෑ. මේ වගේ දෙයක් උනාම ක්ෂණයකින් යවන්න පුලුවන් කණ්ඩායම් රෙඩි කරල තියන්න ඕනෙ. අවශ්‍ය වෙලාවට නැතිනම් ලෝකෙට පේන්න සියල්ලටම පසුව ඉදිරිපත් කරල වැඩක් නෑ...

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 401 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site