IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි සහ සිතුම් චතුරංග)

මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අ‍ැතුළු සිව්දෙනකු  අත්අඩංගුවටගත් ගත් බව මන්නාරම පොලිසිය කියයි.

සැකකරුවන් අතර ආබාධිත යුද හමුදා හිටපු සාමාජිකයකු වන අතර ඝාතනයට යොදාගත් පිස්තොල ගිනි අවියද සොයාගත් බව පොලිසිය පැවසීය.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පසුගිය 16 වැනිදා උදෑසන  අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් වීමට පැමිණෙමින් සිටි පිරිසක් ඉලක්කකොට වෙඩි තැබීමක් සිදු කළ අතර එහිදි පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්වූ අතර කාන්තාවක අ‍ැතුළු තවත් අයකු තුවාල ලබා රෝහල්ගතකරනු ලැබීය.

එලෙස ජිවිතක්ෂයට පත්වුයේ මන්නාරම, උයිලන්කුලම, නොච්චිකුලම පදිංචි සෙල්වකුමාර් සුදාහරන් නොහොත් ජූඩ් නැමති 42 හැවිරිදි පුද්ගලයකු සහ සවරියාන් අරුල් නැමති 61 හැවිරිදි අයකු වේ.

මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සෙබළකු ඇතුළු තිදෙනකු  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

 

 



අදහස් (0)

මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 26 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site