(සුජිත් හේවාජුලිගේ )
දිවයිනේ සමහර ප්‍රදේශවල ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් නිවෙස් ඇතුළු පිටස්තර ස්ථානවල ( කළු කඩේ) පෙට්‍රල් සහ ඩීසල් සඟවා තබාගෙන ලීටරයක් රුපියල් 1000ත් 1200ත් අතර මිල ගණන්වලට හොර රහසේ අලෙවි කරන බව වාර්තා වේ.
මේ අතර හදිසි ගමනක් යෑමට තෙල් නොමැතිවීම නිසා ලීටරයක් රුපියල් නවසිය පනහ බැගින් පෙට්‍රල් ලීටර් 5ක් කළු කඩයෙන් ඊයේ මිලදී ගැනීමට සිදුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලංකාදීපයට පැවැසීය.
ඇතැම් සංවිධානාත්මක කණ්ඩායම් ඉන්ධන පිරවුම්හල්වලින් සිය වාහන වලට ඉන්ධන පුරවා ගෙන පැමිණ පසුව බට යොදා ඉවතට ගෙන බෝතල් වලට පුරවා මෙසේ අලෙවි කෙරෙන බව දැනගන්නට ඇත.
මෙම ජාවාරමෙන් එම පුද්ගලයන් ලොකු ආදායමක් දෛනිකව උපයා ගන්නා බවත් ජාවාරමට ඇතැම් ඉන්ධන පිරවුම්හල් සේවකයන්ගේද සහාය ලැබෙන බවත් තතු දත්තෝ පවසති.
තෙල් හිඟය නිසා හදිසි ගමන් සඳහා ඉතා අමාරුවෙන් වුවත් කළු කඩයෙන් ඉන්ධන මිලදී ගැනීමට සිදුව ඇති බව ඉන්ධන පාරිභෝගිකයෝ පිරිසක් පැවසූහ.
මෙවැනි නීති විරෝධී ඉන්ධන පිරවුම්හල් වැටලීමට කටයුතු කරන බව රජය පැවසුවත් එය සාර්ථකව ක්‍රියාත්මක වන පාටක් පෙනෙන්නට නැතැයි ජනතාව පෙන්වා දෙති.
COMMENTS
විශ්මිත ලෙසින් විස්කම් මවා හෙළයේ අභිමානේ පෙන්වා දෙමින් මුලු ලොව දිනා අප හා යන ගමනේ ලොව නන්දෙසින් ආවත් මෙසේ බාධක හැම වේලේ ඉන් නොනැවතී මව්බිම අපේ රැකදෙන විරුවාණනේ... වැඩකරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා..!
මැල්සිරිපුර බස් ස්ටෑන්ඩ් එක පිටිපස්සේ...
මේකට නීතියක් ගේන්න බැරිද? එහෙම නැත්නම් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් විකිණීමට බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න. බලපත්‍ර නොමැතිව විකුණනවා නම් අවම ලක්ෂ දහයක් දඩ නියම කරන්න. සැඟවීමක් ගැන ඔත්තුකරුවන් සඳහා ලක්ෂ කීපයක් දීමනා දෙන්න. එහෙම කළොත් රජයට ආදායම් ලැබෙනවා ඉන්ධන ප්‍රශ්නය විසඳෙනවා...
අද මෙය හොඳටම සිදුවුණා කොප්පරා හන්දිය ෂෙඩ් එකේ... සෞඛ්‍ය සේවකයින්ට වෙන්කරපු දිනයේ පොලිසිය සහ තවත් පුද්ගලයින් ලීටර් 35 -40 බූලිවලට ගහගත්තා. ලේසියෙන්ම අරප් එකක් හදලා නම්බර් ප්ලේට් ස්කෑන් කරලා තෙල්දෙන්න පුළුවන්කම තියෙද්දී ඇමැති ඇතුලු බලධාරින් එය නොකරන්නේ හොර මැරකම්වලට ඉඩදීමටයි. මෙවැනි අමන ආණ්ඩුවක් සහ දූෂිත නිලධාරීන්ට සාප වේවා...!
මේ දවස්වල ජීවත් වෙන්න කිසිම ආදායමක් නැති කෙනෙක් පරණ රථයක් පෝලිමේ දවස් ගානක් තල්ලු කරල පොලියට ගත් මුදලින් පැට්‍රෝල් රු 8000 ක ගහගෙන පොලිය 2000 ක් ගෙවා රු. 4-5 දාහක මුදලක් උපයා ගැනීම රජයේ දේපළ 10% ක් කොමිස් ගැසිල්ලට වඩා අපරාධයක්ද?
සෞභාග්‍යයේ දැක්ම! රට රකින විරුවාගේ වැඩ කෝ?
කුරුණෑගල, පන්නල ශෙඩ්වල ඉස්සරහ තියෙන ගොඩක් කඩවල විකුණන්න තියෙනවා ලීටරේ 1200ට. පන්නල ඒසී බස් එකක රියැදුරෙකුගේ ගෙදර ඩීසල් ලීටර 20 කෑන් එක එක රුපියල් 25000 යි...