
(යොහාන් භාසුර)
මන්නාරම ප්‍රදේශ ඉදිකෙරෙන ‘සුළං’ විදුලි ව්‍යාපෘති දෙකක සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බව බලශක්ති අමාත්‍යංශයේ ලේකම් උදයංග හේමපාල මහතා අද (15) පැවසීය.
මන්නාරම ප්‍රදේශයේ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් තාවකාලිකව අත්හිටුවීමට ගත් පියවර පිළිබඳව දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (15) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී උදයංග හේමපාල මහතා එසේ සඳහන් කළේය.
එම කමිටුවට පිරිසර අමාත්‍යංශය, වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුම, මධ්‍යම පරිසර අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධන මණ්ඩලය, භූ විද්‍යා, සමීක්‍ෂණ හා පතල් කාර්යංශය යන ආයතනවලින් නිලධාරියා බැගින් සහ විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතනවල නිලධාරීන් ඇතුළත් බවත් එම කමිටුව ලබන සතියේ රැස්වී සතියක් තුළ ප්‍රශ්නවලට දියහැකි විසඳුම් සහ ඒවා දියහැකි කාලය සම්බන්ධ වාර්තාවක් දෙන ලෙස දැනුම් දුන් බවත් ලේකම්වරයා කීය.
මාසයක් තුළ කමිටු වාර්තාව ලබාගෙන යම්කිසි කාලයක් ලබාගෙන අවශ්‍ය විසඳුම් චෙදන බව ද හේමපාල මහතා සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
200
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2073
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1590
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරමේ ‘සුළං’ විදුලි ව්‍යාපෘති ගැටලුවට කමිටුවක්