
(ගයාන් සූරියආරච්චි සහ සිතුම් චතුරංග)
මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සෙබළකු අැතුළු සිව්දෙනකු අත්අඩංගුවටගත් ගත් බව මන්නාරම පොලිසිය කියයි.
සැකකරුවන් අතර ආබාධිත යුද හමුදා හිටපු සාමාජිකයකු වන අතර ඝාතනයට යොදාගත් පිස්තොල ගිනි අවියද සොයාගත් බව පොලිසිය පැවසීය.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු පසුගිය 16 වැනිදා උදෑසන අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා ඉදිරිපත් වීමට පැමිණෙමින් සිටි පිරිසක් ඉලක්කකොට වෙඩි තැබීමක් සිදු කළ අතර එහිදි පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්වූ අතර කාන්තාවක අැතුළු තවත් අයකු තුවාල ලබා රෝහල්ගතකරනු ලැබීය.
එලෙස ජිවිතක්ෂයට පත්වුයේ මන්නාරම, උයිලන්කුලම, නොච්චිකුලම පදිංචි සෙල්වකුමාර් සුදාහරන් නොහොත් ජූඩ් නැමති 42 හැවිරිදි පුද්ගලයකු සහ සවරියාන් අරුල් නැමති 61 හැවිරිදි අයකු වේ.
මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට යුද හමුදා රෝහලේ සෙබළකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
275
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්නාරම් වෙඩි තැබීමට හමුදා සෙබළකු ඇතුළු තුනක් මාට්ටු