( රොමේෂ් මධුසංක සහ සිතුම් චතුරංග )
මන්නාරම අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද (16) උදෑසන සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව මන්නාරම පොලිසිය පවසයි.
අධිකරණයේ නඩු කටයුත්තක් වෙනුවෙන් පැමිණි සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලසිය සඳහන් කළේය.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූවන් මන්නාරම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර, තුවාලකරුවන්ට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බව විශ්වාස කරන බව ආරක්ෂක අංශ සඳහන් කරයි
මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිදුවීම් දෙකක් වෙනුවෙන් සැකපිට අධිකරණයට රැගෙන ආ සැකකරුවන් පිරිසකට එලෙස වෙඩි ප්‍රහාර ඒල්ලවී ඇතැයි කියයි.
කලෙක පටන් මන්නාරම උයිලන්කුලම ප්‍රදේශයේ දෙපිරිසක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවද ආරක්ෂක අංශ කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැතිලට රටේ මේ වාතාවරණය කජ්ජක් නිසාද මන්දිරය අවට ආරක්ෂක කුටි විනාශ කර දැමුවෙ....
පොලිසිය බුදි ද ?
මිනී මරුවන්ට නියමිත දඬුවම ලැබිලා තියනවා
අලුත් ආණ්ඩුවට තියන තවත් හිසරදයක්...
මහජන ආරක්ෂාව පට්ටයිනේ... දැන් තාම තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නද? පස්සේ කියන්න එපා මහජනතාවට නීතිය අතට ගන්න බැහැ කියලා...