
(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මෙම මන්ත්‍රී නිල නිවාසයක මාසික කුලිය රුපියල් 2000කි.
මන්ත්‍රීවරුන්ගේ කෑම බිල වැඩි කරන අවස්ථාවේදී මෙම නිල නිවාස කුලියද වැඩි කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය කාලයේදී රජයෙන් දැඩිව ඉල්ලීමක් කළේය.
මාදිවෙල මන්ත්‍රී බංගලාවල මාසික කුලිය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සංශෝධනය වී නැතැයි දැනගන්නට ඇත.මාදිවල මන්ත්‍රී බංගලාවල මන්ත්‍රීවරුන් එකසිය විස්සකට වැඩි පිරිසක් දැනට රැඳී සිටිති. ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වෙති.
කොළඹින් නිවාස ඉල්ලූ සියලුම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මේ වනවිට ගෙවල් ලබාදී අවසන් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මෙසේ නිවාස ලබාගෙන ඇති වැඩි පිරිසක් ඈත දුර බැහැර මන්ත්‍රීවරු වෙති.
2025 නොවැම්බර් මස 04
768
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2411
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්ත්‍රී බංගලා කුලිය ’’රිවර්ස්’’
ගුණරත්න Sunday, 30 March 2025 05:32 PM
ඔය පෙනෙන්නේ ආණ්ඩුවේ ලොක්කන්ට සුඛ විහරණය ටික ටික දැනෙන්න ගන්න හැටි. කලින් කිව්වේ බස් එකේ කෝච්චියේ අපි එන්නම් කියල, ඒ කාලේ කිව්වා ඔය බංගලා විකුනනවා කුලියට දෙනවා කියල ඒ මොකුත්ම නැහැ කලින් කිව්වා ආණ්ඩුවේ වාහන සුඛෝපභෝගී වාහන විකුණා දමනවා කියල, එත් විකුණලා තිබ්බේ පරණ ලොරි කබල්, ලදරම් වාහන `15ක් විතරයි. කෝ අනිත් වාහන? දැන් ඒවා පැට්‍රල් බොන වාහන නෙවෙයිද?