
(සුජිත් හේවාජුලිගේ)
මාදිවෙල මන්ත්‍රී බංගලාවල කුලිය තවත් වසර දෙකක් යනතුරු වැඩි නොකිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
මෙම මන්ත්‍රී නිල නිවාසයක මාසික කුලිය රුපියල් 2000කි.
මන්ත්‍රීවරුන්ගේ කෑම බිල වැඩි කරන අවස්ථාවේදී මෙම නිල නිවාස කුලියද වැඩි කරන ලෙස විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් පසුගිය කාලයේදී රජයෙන් දැඩිව ඉල්ලීමක් කළේය.
මාදිවෙල මන්ත්‍රී බංගලාවල මාසික කුලිය වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සංශෝධනය වී නැතැයි දැනගන්නට ඇත.මාදිවල මන්ත්‍රී බංගලාවල මන්ත්‍රීවරුන් එකසිය විස්සකට වැඩි පිරිසක් දැනට රැඳී සිටිති. ඉන් වැඩි පිරිසක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු වෙති.
කොළඹින් නිවාස ඉල්ලූ සියලුම මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මේ වනවිට ගෙවල් ලබාදී අවසන් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය. මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මෙසේ නිවාස ලබාගෙන ඇති වැඩි පිරිසක් ඈත දුර බැහැර මන්ත්‍රීවරු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පෙනෙන්නේ ආණ්ඩුවේ ලොක්කන්ට සුඛ විහරණය ටික ටික දැනෙන්න ගන්න හැටි. කලින් කිව්වේ බස් එකේ කෝච්චියේ අපි එන්නම් කියල, ඒ කාලේ කිව්වා ඔය බංගලා විකුනනවා කුලියට දෙනවා කියල ඒ මොකුත්ම නැහැ කලින් කිව්වා ආණ්ඩුවේ වාහන සුඛෝපභෝගී වාහන විකුණා දමනවා කියල, එත් විකුණලා තිබ්බේ පරණ ලොරි කබල්, ලදරම් වාහන `15ක් විතරයි. කෝ අනිත් වාහන? දැන් ඒවා පැට්‍රල් බොන වාහන නෙවෙයිද?