
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්රී විශ්රාම වැටුප් (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය අද (17) දවස පවත්වා සම්මත කිරීමට නියමිතය.
පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව අද දිනයේම කතානායකවරයා එහි අත්සන සහතික කිරීමට නියමිත බව සභානායක කාර්යාලය පවසයි.
අත්සන එසේ සහතික කිරීමෙන් පසු පනත් කෙටුම්පත පනතක් ලෙස බලාත්මක වනු ඇත.පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසු හිටපු මන්ත්රීවරුන් 519 දෙනකුගේ විශ්රාම වැටුප අහෝසිවී යනු ඇත.
විශ්රාම වැටුප අහෝසි වන පිරිසට හිටපු මන්ත්රීවරුන්ගේ කලාත්රයෝ ( බිරිඳ හෝ සැමියා) 160ක්ද දූ දරුවෝ 07 දෙනෙක්ද ඇතුළත් වෙති. පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප අහෝසි කිරීම ජාතික ජන බලවේගය මැතිවරණ සමයේදී දුන් පොරොන්දුවක් ඉටු කිරීමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන එන මන් නැතිව ඉන්න විපක්ෂයෙ ඔල්මොරොන්දන් කතා අද අහන්න පුලුවන්