(සුජිත් හේවාජුලිගේ )
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක් පමණක් බව බලධාරීන් ඔවුන්ට දැනුම්දී ඇත.
ඊට පසුව එම නිවාස පාවිච්චි කරන්නේ නම් මාසික කුලිය මන්ත්‍රීවරුන්ගෙන් අය කෙරෙනු ඇත. ඒ නිවෙසක මාසික කුලිය රුපියල් හැත්තෑ දහසක් පමණ වේ.
එසේම මන්ත්‍රීවරුන්ට එම නිවාස මිලදී ගැනීමටද බලධාරීන් අවස්ථාව සලසාදී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් පිරිසක් එම නිවාස මිලදී ගැනීමට දැනටමත් කටයුතු සූදානම් කරගෙන ඇතැයි පවසන ආරංචි මාර්ග මෙම එක් නිවාසයක් කෝටි දෙකක් පමණ වේ යැයි සඳහන් කරයි.
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් දේපළ අහිමි වූ ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 82කි. මින් සැලකිය යුතු පිරිසක් බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්‍රමයේ නිවාස ලබා ගෙන සිටිති.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මන්ත්‍රීවරුන්ගේ ’’නොමිලේ ගෙවල්’’ ජුලිවලින් ඉවරයි.
jagath Saturday, 07 January 2023 11:03 AM
මේක තවත් මගඩියක් වගේ...
Buddika Saturday, 07 January 2023 01:44 PM
මේ නිවාස යොජනා ක්‍රමයේ නම අනුව නම් මන්ත්‍රීවරු මෙහි ගැලපෙන්නේ නැහැ. හේතුව මෙය ' වියත් පුර " ඒ කියන්නේ වියතුන් සිටින පුරය. මේ සමාන්‍ය පෙළවත් පාස් නැති මන්ත්‍රීවරු කොහොම ද මෙතන ඉන්නේ.
achini Saturday, 07 January 2023 04:27 PM
හරි නම් මේ සියලු වියදම් මහින්ද රාජපක්ෂගෙන් අයකරගත යුතුයි. මිනිස්සුන්ව කුලප්පු කරවලා රටම ගිනිතිබ්බේ ඔහුයි.
බස්ස Saturday, 07 January 2023 04:31 PM
හොරුන්ට ලොකු දඬුවමක් වගෙයි මේක. මොන බොරුද මේ කතා..? ඔය අයට සුදු හුණු ගාලා සුදු කරන්න බෑ..
Kapila Saturday, 07 January 2023 09:05 PM
මේ නිවාස සංකීර්ණයේ නම 'ගොන් පුර' කියල වෙනස් කරමු.
Bamunuarachchi Sunday, 08 January 2023 08:17 AM
ලයිට් බිල් වතුර බිල් ගෙවලාද ? ලක්ෂගනන්වලින් පොලු තියලාද කියා සොයා බලා ප්‍රසිද්ද කරන්න.
fairoos Sunday, 08 January 2023 02:03 PM
ඔය එන්නේ එළියට... මේ කාලකණ්ණින්ට නම් මොනදේ වුණත් සැප තමයි...