IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කෝටි 02 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සොයාගනී

( කටුනායක ටී.කේ.ජී.කපිල )

ගුවන් තැපැල් ඔස්සේ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ  පාර්සල් කීපයක් තුළ සගවා තිබූ රුපියල් කෝටි 02 ක් පමණ වටිනා " කුෂ්" නැමැති ගංජා තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක්  අද (25)   සොයාගත්  බව  රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

මීට මාසයකට පමණ පෙර එංගලන්තය , ඇමෙරිකාව , ඉතාලිය සහ කැනඩාව යන රටවලින් කොළඹ , අහංගම , පිළියන්දල සහ මහනුවර යන ප්‍රදේශ වල පිහිටි ව්‍යාජ ලිපිනයන් වෙත මෙම ගුවන් තැපැල් පාර්සල් එවා තිබුණි.

රේගු නිලධාරීන් විසින් මෙම පාර්සල් වල හිමිකරුවන් , ඒවා භාර ගැනීමට මධ්‍යම තැපැල් හුවමාරුව වෙත  නොපැමිණීම නිසා , එම ලිපිනයන් පිළිබඳව සොයා බැලීමේදී , එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වී තිබුණි . 

පසුව මෙම ගුවන් තැපැල්  පාර්සල් 10 විවෘත කර පරීක්ෂා කිරීමට රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පියවර ගෙන තිබූ අතර , එහිදී කිලෝ ග්‍රෑම්  01 යි ග්‍රෑම්  300 ක් බරැති මෙම "කුෂ්" නැමැති ගංජා තොගය ඒවා තුළ තිබී අත් අඩංගුවට ගෙන තිබුණි .

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මෙම ගංජා තොගය වැඩිදුර විමර්ශන කටයුතු සදහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දී තිබේ .



අදහස් (0)

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් කෝටි 02 ක ‘කුෂ්’ මත්ද්‍රව්‍ය සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site