IMG-LOGO

මෝදි වීඩියෝ තාක්ෂණයෙන් රටවල් 120 එකතැනකට ගෙනෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්" සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම මස 12 සහ 13 පැවැත්වෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

එක් අරමුණක් වෙනුවෙන් එක් හඬක් තේමාව යටතේ මෙම සමුළුව පැවැත්වෙන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත.

මෙමගින් ගෝලීය දකුණේ රටවල් එක් ස්ථානයකට ගෙන ඒමට හැකි වන බවත් එමගින් එම රටවල ප්‍රමුඛතා සහ ඉදිරි දර්ශන ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

ජී20 සමුළුවේ සභාපතීත්වය දරන ඉන්දියාව මෙම සමුළුව මගින් දකුණේ රටවලට විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බවත් "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්" සමුළුවට සහභාගී වන රටවලට ජී 20 සමුළුවෙන් එම රටවල් බලාපොරොත්තු වන්නේ මොනවාද සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලැබෙන බවත් එම නිවේදනයේ දැක්වේ.

"වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්"සමුළුව සඳහා රටවල් 120 පමණ ආරාධනා කර තිබෙන බව එම නිවේදනය පෙන්වා දෙයි.

(034)

 



අදහස් (1)

මෝදි වීඩියෝ තාක්ෂණයෙන් රටවල් 120 එකතැනකට ගෙනෙයි

nimal Saturday, 07 January 2023 09:05 PM

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සංකල්පයකට අනුව ප්‍රථම වතාවට "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත්" වීඩියෝ තාක්ෂණය පැවැත්වෙන සමුළුව සාර්ථක කරගැනීමට ගෝලීය තාක්ෂණික ආයතනහි ප්‍රධාන තනතුරු දරන්නාවූ ඉන්දියානු ජාතිකයන් විසල පිරිසකගේ දායකත්වය ලැබෙමින් තිබේ.

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site