
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැදපෙරදිග අපේ ශ්‍රමික කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දෙන්නැයි රජයට යෝජනා කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි අධිනීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය පැවසුවාය.
කිරිඇල්ල මහත්මිය මෙසේද පැවසුවාය.
මැදපෙරදිග ගෘහ සේවයේ සිටින කාන්තාවන් අපේ රටට විශාල වශයෙන් විදේශ විනිමය එවන කණ්ඩායමක්. අපි ඒ කණ්ඩායම හොදින් රැකබලා ගන්න ඕන. ඒ අයගේ සුභසාධනය උපරිමයෙන් සැලසීම රජයක වගකීමක්. විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඒ සඳහා ලොකු වැඩ කොටසක් පැවරෙනවා.
මැදපෙරදිග සේවය කරන අපේ කාන්තාවන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා රජයට යෝජනා කරනවා.
COMMENTS
ඉතා හොඳ යෝජනාවක්. අරමුදල ආරම්භයට හයිවේ එකෙන් ගත්තු එකෙනුයි, හන්තානෙ ඉඩම්වලිනුයි මුදල් පරිත්‍යාග කරන්න පුළුවන්.
එක්සත් රාජධානියේ නීතිය හදාරා නීතිඥ ද අධිනීතිඥ ද කියන එකට වාද විවාද කරනවාට වැඩිය අඩුම තරමින් මේ වගේ යෝජනාවක් පමාවි හෝ ඉදිරිපත් කිරිම හොඳයි
ඒ කාලේ තාත්තා අවුරුදු ගානක් පාලනයට සම්බන්ධ වෙලා පක්ෂ මාරු කරමින් හිටියා, මතක් වුනේ නැහැ නේද?. ඒ වගේද පාරවල හදන්න කොන්ත්‍රාත් වැඩ තිබුන නේ.. නේද? ඕක කියන්න ගෙදරදීත් තිබුනා. ..දැන් මතක් වෙලා. හඳුන්නෙත්ති විසින් 'එතෙර අපි' විදියට, 2015 ආණ්ඩුවටත් ඔය යෝජනාව ගෙනාවා. ඔයා දන්නේ නැති වුනාට.
මැදපෙරදිග ඉඳන් එන ඩොලර් ටික ගණිනවා මිසක කවදාවත් ඔවුන් වෙනුවෙන් දැනෙන්න යමක් කිසිම ආණ්ඩුවකින් කරයි කියා සිතිය නොහැක. එක ආණ්ඩුවකින් කාර් ගේන්න දුන්නා. ඒක ව්‍යාපාරයක් වුණා.
ඒක ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙනවා. ඒ නිසා නෝනා කළබල වෙන්න එපා වෙලාවට ඒවා කරයි.