
(කේ බුද්ධික කුමාරසිරි)
‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්සේරු කිරීම නම් එම නිවාසද නැවත තක්සේරු කර නියමිත කුලිය අය කිරීම කල යුතුයි‘ යැයි පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුවේ ප්‍රධාන ලේකම් නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද (30) දින පැවසීය
එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා :-
පාර්ලිමේන්තුව ආසන්නයේම පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසික කුලී මුදල් වශයෙන් අයකරනු ලබන්නේ රුපියල් දෙදහසක් (රු.2000.00 ) පමණයි. රජය විසින් ලබාදී ඇති නිල නිවාස නැවත තක්සේරු කිරීමේ ක්‍රමවේදයකට ගමන් කරන්නේ නම් , එම නිවාසද නැවත තක්සේරු කර නියමිත මාසික කුලිය අයකිරීමට කටයුතු කළ යුතුයි.
වත්මන් රජය බලයට පත්වීමට පෙර , ජනතා නියෝජිතයින්ට ලබාදෙන සියළු වරදාන වරප්‍රසාද අහිමි කළ යුතු බව පැවසුවත් මේ වන විට එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මාසිකව රුපියල් ලක්ෂ 06 කට වැඩි වරප්‍රසාද භුක්ති විදිනවා. ඒ අනුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනා වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි නවයහාමාරක (9.5 ක) ප්‍රමාණයක් ලබාගන්නවා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා විතරක් නෙමෙයි, රජයේ සියලු නිල නිවාස නැවත තක්සේරු කර ඒ අනුව කුලිය අය කළ යුතුයි. නැතුව තමන්ට පලිගන්න අවශ්‍ය, නැත්නම් තමන්ට ඔවුන් කෙරේ දරාගන්න බැරි ඊර්ෂ්‍යාවක් තියෙන අයගේ නිල නිවාස වලට විතරක් අලුත් නීති ගේන්න බෑ. පුලුවන් නම් එහෙම කරන්න, උසාවියෙන් විසඳා ගන්න පුලුවන්.
ඔව් මහත්මයා ඉස්සර හිටපු අයගෙනුත් අයකගන්න ඔන කියලාම කියන්න.. උන්ට පිනට මුන්ට මිලට ඕන නෑනේ... උබල ඒවා වල ඉදලා අපිවත් රටත් හොරා කාලා විනාස කොරලනේ ගියේ රටේ මිනිස්සුන්ට කැදත් නැති වෙන්න. පලයං මහත්තයෝ යන්න..
හොඳ යෝජනාවක්. තවත් විදිහකට, එහෙම නැත්නම් යථාර්ථවාදීව බලනවා නම් කලින් රජයේ මන්ත්‍රී කෙනෙක්ගේ දීමනාවත් කියන්න. එතකොට රට ටිකක් හරි හොඳ පැත්තකට ගිහින් තියෙනවද කියලා වැටහීමක් එයි.
හිටපු ජනාධිපතිලගේ වියදම් ඇස්තුමෙන්තුත් ගේන්න ඕනේ රනිල් මහින්ද රු බිලියන ගාණක් මහජන මුදල් පාවිච්චි කරලා ඇති.
මෙයට අවුරුදු 3කට විතර කලින් උබ කොහේද හිටියේ. එක මන්ත්‍රී කෙනෙකුට විතරක් වියදම් කළා ඔයිට වැඩිය.
නිල නිවාස දීලා තියෙන්නේ ජනතා නියෝජනය සඳහා තමයි. නැත්නම් කොහොමද ඈත පළාතක මන්ත්‍රී කෙනෙක් රැස්වීම්වලට පාර්ලිමේන්තු එන්නේ...?