(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජ්‍යයේ රැදී සිටිමින් ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දේවේන්ද්‍ර නැමැත්තාගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහරින ප්‍රධාන ජාවාරම්කරු බව කියන දිනේෂ් පුෂ්පකුමාර නොහොත් "මාදංගහවත්තේ ජනා" නැමැත්තා කුඩාඔය ප්‍රදේශයේදී අද (12) අත්අඩංගුවට ගත් බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
මාදංගහවත්තේ ජනා නැමැත්තා මොරටුවැල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම සිදුකරමින් සිටි අයකු බවත් ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිසිය පවසයි.
යුක්තිය මෙහෙයුමට බියෙන් මොහු කුඩාඔය ප්‍රදේශයේ සැඟව සිටියදී හෙරොයින් ග්‍රෑම් 490 ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ජානා නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට එරෙහිව මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගිය වසරේ ජූනි මස 5 වැනි දින විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර, අරගල සමයේදී මොරටුව අලුත් පාර, රථ බීම හලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද මොරටුව අධිකරණයේ නඩුවක් පවතින බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය කියයි.
2025 දෙසැම්බර් මස 04
6
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
334
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’’මාදංගහවත්තේ ජනා’’ අත්අඩංගුවට
ප්‍රියංකර Monday, 12 February 2024 06:18 PM
ඉතින් දේවේන්ද්‍රව අත්අඩංගුවට ගන්න ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන්නේ නැත්තේ ඇයි? ඕක තමයි මිනිස්සු කියන්නේ රට ඇතුළට කුඩු එවන ප්‍රධාන ජාවාරම්කාරයෝ අත්අඩංගුවට නොගෙන කුඩු බෙදන අයයි කුඩුගහන අයයි අල්ලලා බොරු මාධ්‍ය සංදර්ශන පවත්වනවා කියලා...