IMG-LOGO

මැති සබේ විදුලිය-ජලය වෙනුවෙන් කෝටි 8 ක් ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

පවතින ආර්ථික තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ විදුලිය සහ ජලය වෙනුවෙන්  වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල්  කෝටි අටක්  දක්වා ඉහළ නැග ඇතැයි එහි මූල්‍ය වාර්තාවල සඳහන් වේ.

පාර්ලිමේන්තු සංකීර්ණයට විදුලිය සහ ජලය සැපයීම සඳහා 2020 වර්ෂයේදී පමණක්  රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂ විසි පන් දහස්  තුන්සිය විසි තුනක (74,625,323.28) මුදලක් වැයවී ඇතැයිද  එම වාර්තා පෙන්වා දෙයි.

විදුලිය සහ ජලය වෙනුවෙන් වැඩිම මුදල් ප්‍රමාණය වැය වන්නේ පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවන්හිදී බව එහි නිලධාරීහු පවසති.

මැතිසබය රැස්වන   අවස්ථාවන්හිදී වායු සමීකරණ පද්ධති සහ විදුලි සැපයුම පැය 24 පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින් ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන  බව පවසන එම නිලධාරීහු  පවතින ආර්ථික තත්වය හමුවේ  ජලය සහ විදුලිය වෙනුවෙන් වූ  වැය බර ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවද පෙන්වා දෙති.

පාර්ලිමේන්තු කමිටු රැස්වීම් සඳහාද වාර්ෂිකව  ලොකු විදුලිය පිරිවැයක්  දැරීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශය පවසයි.


 



අදහස් (5)

මැති සබේ විදුලිය-ජලය වෙනුවෙන් කෝටි 8 ක් ගිහින්

මහසෙන් Saturday, 22 January 2022 11:24 AM

මේ වගේ පුවත් දැක්කාම වෙන්නේ මිනිස්සුන්ගේ ලේ තවත් කෝප වෙනවා විතරයි. මේ අනාථ මඩම නඩත්තු කරනවා කියන්නේ අතින් කාලා... හරක් බලනවා වගේ වැඩක් පමණයි.

:       0       5

Pradeep Kumara Saturday, 22 January 2022 11:33 AM

අනේ ඒක නම් වැඩි වුණාට කමක් නෑ. අපේ රට පාලනය කරන උත්තමයින් ඉන්න තැනනේ. අපි තව තවත් පටි තද කරගෙන ඒ බර දරන්නම්... රට වෙනුවෙන් ඇප කැප වෙලා ඉන්න උත්තමයින්ට අපහසුවක් දෙන්න එපා ආයිබෝවන්ඩ..!

:       0       4

ravin Saturday, 22 January 2022 02:17 PM

ඇයි ඔතන සූර්ය බලශක්තිය නොයොදවන්නේ? විදුලි බල මණ්ඩලය තුළ වෙනම කොටසක් ස්ථාපිත කරලා තියෙනවා නේද? ඒ අමතක වුණු කොමිස් කාක්කන්ට ඇහුණද දන්නේ නැහැ. ශ්‍රී ලංකා නාවික හමුදාව ජල පිරිසිදු කරණ යන්ත්‍ර නිපදවා පාසල් හා මහජන ප්‍රයෝජනයට ලබාදෙනවා නේද? ඇයි මේ ක්ෂණිකව සහ අඩු වියදමින් ලබාගත හැකි අවස්ථාවලින් ප්‍රයෝජන නොගන්නේ?

:       0       3

ලොකුකමගේSaturday, 22 January 2022 03:27 PM

ඇත්තෙන්ම රවීන් ඉතාමත් නිවැරදියි අරකට අච්චර යනවා, මේකට මෙච්චර යනවා කියමින් සිටින මෙම හොරු නඩය තමන්ගේ රාජකාරිය රට හැදීම බවත් අමතක කළා කියා ප්‍රසිද්ධියේ කීමක් තමයි මේක. අපේ මුතුන් මිත්තන් කිව්වේ.. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියලයි.. මම දැක්කා එක් පළාත් සභාවක් සම්පූර්ණ වහලයට සූර්ය පැනල සවිකර තියෙනවා. ඔතැන අයට එහෙමවත් මොලයක් නැද්ද?

:       0       1

Kule Saturday, 22 January 2022 05:26 PM

වසරකට කෝටි 8ක් කියන්නේ මාසෙකට ලක්ෂ 70කට ආසන්නයි. කොතරම් මුදල් කාබාසිනියාවක් කරනවද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site