IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


මැති සබේ භූමියේ බල්ලන් පන්නයි

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් දී ඇත.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයන් දහයකට වැඩි පිරිසක් සිටින බව පැවසෙන අතර මෙම සුනඛයන් පාර්ලිමේන්තු සේවකයන්ට මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ට ද හිරිහැරයක් බව පෙනී ගොස් ඇත.

කතානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යනු දැක කලබලයට පත්ව " මෙහෙ බල්ලොත් හදනවාදැ"යි විමසා ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

කතානායකවරයා වේත්‍රධාරීවරයාට පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිටින සුනඛයන් ඉවත් කරන ලෙස දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.

 



අදහස් (26)

මැති සබේ භූමියේ බල්ලන් පන්නයි

Nickon Monday, 10 March 2025 05:32 AM

ඔතන බල්ලො බැල්ලියො දෙජාතියම ඉන්නවා. උන්ට වෙන වැඩක් ඇතෑ. ඔය බුරනවා උඩුබුරලනවා පේන්නෙ වීඩියෝ වලත්.

:       1       15

Perera Monday, 10 March 2025 06:26 AM

ඕක ඇතුලෙත් ඉන්නවා නිකන් බුරන සුනකයෝ දෙතුන් දෙනෙක් .උන්වත් පුලුවන්නම් එළවලා දාන්න

:       0       10

KureraMonday, 10 March 2025 01:01 PM

උන්නම් එතැනට යැව්වෙත් අපි නුඹලා නේද?

:       2       2

Small man Monday, 10 March 2025 06:27 AM

මොනවද මේ පල කරන්නෙ. ජාතික පුවත්පතක දාන්න මීට වඩා වැදගත් නිවුස් ඇත්තෙම නැද්ද. හේවාජූලි හිඟා කනවද

:       13       8

ddsMonday, 10 March 2025 10:24 AM

ඇයි, නෑදෑයො එලවනවට තරහද?

:       0       11

අමල් Monday, 10 March 2025 07:15 AM

පාර්ලිමේන්තු පරිශ්‍රයේ බල්ලෝ හදන්නේ නැහැ කතානායකතුමා, එත් පාර්ලිමේන්තුව රැස්වෙන දවසට, වැඩි ඇතක නෙමෙයි, බත්තරමුල්ල පැලවත්තේ ඉඳන් එන බල්ලෝ 159කින් තමයි තියෙන කරදරේ ! උන් එදාට පාර්ලිමේන්තුවේ කැන්ටිමටත් පැනලා, තියෙන බත් මුට්ටිවල දංකුඩ ටිකත් කාලයි, ආපහු මාදිවෙලට යන්නේ ! අපොයි උන්ගෙන් තියෙන කරදරක්, රිලවුන්ට වඩා. හැබැයි උන් එලවන්න නම්, උසාවි නියෝගයක් ඕනෑවෙයි !

:       13       17

ගුණරත්න Monday, 10 March 2025 07:18 AM

හා හරි හිනා, දැන් ඉන්න කතානායකතුමා දඩාවතේ යන බල්ලෙක් දැකල කලබල වෙලා, හාහ් හ හ. මෙහෙ හන්දියට යන පාරේ දඩාවතේ යන බල්ලෝ සීයක් විතර ඉන්නවා. ගිය මාසේ මගේ මස්සිනා බයිසිකලේ යද්දී ඔය බල්ලෙක් නිසා අනතුරට පත් වුනා. අපිට ඉතින් උන්ගෙන් අඩුවක් නැහැ

:       11       11

ජිල්බුMonday, 10 March 2025 10:27 AM

ඉතිං එයාව වෙට් කෙනෙක් ලඟට අරගෙන ගියාද? දැන් ටිකක් හොඳයිද?

:       0       11

janis Monday, 10 March 2025 07:53 AM

ඇතුලේ ඉන්න රිලව් ගොන්නු ටිකත් අයින්කරන්න.

:       0       4

Mahen palliyaguru Monday, 10 March 2025 07:54 AM

කතානායකතුමනි, ප්‍රවේසමෙන් උපදෙස් දුන මැනවි. ජනතා ඡන්දෙන් ඔතනට ආපු සුනඛයෝ කලබල වෙයි!!

:       1       2

Upali Premajayantha Monday, 10 March 2025 07:56 AM

හයියෝ ඝණ පූර්ණය නැතිවෙයි.....

:       0       7

පොඩිඑකා Monday, 10 March 2025 08:01 AM

අපි මාස කීපෙකට කලින් සෙට් එකම පැන්නුවා, තව කීප දෙනෙක් ඉතිරිවෙලා ඉන්නවා…!

:       9       6

Kazi Shajahan Monday, 10 March 2025 08:02 AM

එළීයේ විතරක් නෙමෙයි ඇතුලෙත් ඉන්නවා කීපදෙනෙක් ඉන්නවා... පොඩ්ඩක් හොයලා බලලා අඩු ගානේ බෙහෙතක්වත් දෙන්ඩ

:       0       2

Asela Monday, 10 March 2025 08:20 AM

වැඩකට නැති කතා ගුහාවක ඉන්න කකුල් දෙකේ බල්ලන්ට, බෞද්ධ රටක කෑම හොය හොය ඇවිදින, කතා කරන්න බැරි කකුල් හතරේ බල්ලන්ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. උන්ට ස්වාමියාට පක්ෂපාතී වීම, කෘතඥතාව, සමාව දීම සහ ආදරය වැනි අසමසම ගුණාංග තියෙනවා.

:       0       8

Ajith Monday, 10 March 2025 08:33 AM

ඇයි පාර්ලිමේන්තුවෙ විතරක්. සමහර පාරවල්වල යන්න බෑ බල්ලො ඡරා කරල. ඒ වගේම යන එන අය සපා කනව.

:       1       5

Pradeep Kumara Monday, 10 March 2025 08:46 AM

ඔයිට වැඩිය මහ ගොඩක් බල්ලො හිටියා පාර්ලිමේන්තුවේ. පිස්සු බල්ලොත් හිටියා. පහු ගිය ඡන්දෙන් මහජනතාව ගොඩක් බල්ලන්ව එලවලා දැම්මා. තව කීප දෙනෙක් ඉතුරුවෙලා ඇති.

:       7       9

Geetha Monday, 10 March 2025 09:00 AM

බල්ලෝ පන්නන්නේ නැතුව උන්ව ආරක්ෂා ඇති තැනකට ගෙනිහින් දාන්න.. පුරුදු තැන නැති වුණාම කොච්චර පව්ද?

:       0       10

ජිල්බු Monday, 10 March 2025 10:07 AM

ගීත නගා, ඔතන තමයි හොඳටම ආරක්ෂාව තියෙන්නෙ. 24/365 වටේටම ගාඩ් එක.

:       0       12

බකල ජයා Monday, 10 March 2025 09:09 AM

බල්ලො ඔක්කොම පැන්නුවොත් ඔතන හිස් බිමක් වෙයිනෙ, කතාතුමෝ !_! හිස් බිම් වගා කෙරුවෙ නැත්තං ආණ්ඩුවට ගන්නවලු, නඩු දානවලු.

:       4       23

Dil1000 Monday, 10 March 2025 09:48 AM

ආණ්ඩු පක්ෂෙන් ආසන 10ක් දෙන්න ඒ කට්ටියට.....

:       2       9

RS Monday, 10 March 2025 10:24 AM

බල්ලෝ පැන්නුවට කිණිතුල්ලෝ මැක්කෝ තාම ඉන්නවා. හැමතැනම, උන්වත් එකිනෙකා ඉවත් කරන්න

:       2       10

Nimal Monday, 10 March 2025 12:00 PM

පෙරේරා එයාගේ 159 දෙනාම බේරාගෙන

:       0       2

Bunny Preena Monday, 10 March 2025 12:18 PM

මැති සබේ සද්ද බද්ද ඇහිලා ... තමන්ගේ සනුහරේ අයව බලායන්න ආවාවත්ද? 

:       0       1

de silva Monday, 10 March 2025 12:51 PM

විහිලු නොවේ දඩාවතේ යන බල්ලන් රට පුරාම විශාල ප්‍රශ්නයක් වෙලා , ඔවුන් නිසා සිදුවන මාර්ග අනතුරු නිසා අනිවාර්යයෙන්ම සතියකට ජිවිත 2-3 අනිවාර්යයෙන් නැති වෙනවා , බල්ලන් සාප කෑම නිසා විශාල පිරිසක් පිඩාවට පත්වෙනවා , බල්ලන් සපා කෑවට පසු එන්නත් කරනයටද විශාල මුදලක් රජයට වියදම් වෙනවා , දැන් ඉස්සර වගේ බලු වෑන් එන්නේ නැහැ , බල්ලෝ මරන්න බැරිනම් බල්ලන් වන්ධ්යකරණයට ලක් කර බලු ගහනය පාලනය කිරීමට කටයුතු කිරීම රජයේ යුතුකමක් මෙන්ම වගකීමක්..

:       0       1

Babanis Monday, 10 March 2025 01:10 PM

හරියටම කී දෙනෙක් ඉන්නවාද බලන්න. අවුරුදු 76 ක් රට කෑවා කියන තවත් කෑමට ප්‍රේතව සිටින පිරිසක් වෙන්න ඇති ඔය ඉන්නවා ඇත්තේ. ඒ නිසා ඔය ඔක්කෝමලා එලවාදමා මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කර මියගිය සියලු දෙනාටම දානයක් දීලා පිං අනුමෝදන් කරන්න.

:       2       1

Saththaya Monday, 10 March 2025 03:55 PM

එක බල්ලෙක්නම් හැමදාම බොරුවට බුර බුරා හැමතැනම කැත කරනවා . අප්පිරියාවේ බැහැ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2445 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site