
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට විසිපහක් ලෙස අඩු කර ගැනීමට හැකි වී ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගෙන ඇති ජයග්‍රහණයක් යැයි ද එම අගය තවදුරටත් අවම කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
අමාත්‍යවරයා මේ බව කීවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ වැඩබලන ආයතන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරනු ලැබූ තෙදින මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් සකස් කරන ලද විශේෂ විද්වත් වාර්තාව අමාත්‍යවරයාට බාර දීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.
ලෝක සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම අප්‍රේල් මස 7 වන දිනට යෙදී ඇති අතර මෙවර එම දිනයේ තේමාව සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් - බලාපොරොත්තු සහගත අනාගතයක් ලෙස යොදා ගෙන ඇත.

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාතෘ මරණ අනුපාතය ලක්ෂයට විසිපහක් ලෙස අඩුවෙයි
යෝගා Monday, 07 April 2025 06:48 PM
මේ වගේ ජයග්‍රහණයක් ලබාගෙන තියෙන්නේ 76 වසරක සාපේ නිසාද නැත්නම් හයමාසෙක පුනරුදය නිසාද?
රම්බොඩ Monday, 07 April 2025 07:49 PM
මෙයාලා හිටිය කාලේ වැඩ වැරීම් කරලා කරලා දැන් ගිහින් කැමරාව ඉස්සරහා විරිත්තනවා.
ගුණරත්න Monday, 07 April 2025 08:02 PM
පුනරුදේ හපන් කන්
කව්ද බෝයි Monday, 07 April 2025 08:14 PM
අනිවාර්යයෙන්ම 76 වසරක සාපේ නිසා. ඒක හින්දනෙ ඔයා වාගේ අය ඉපදිලා ඉන්නෙ.
Jagath Monday, 07 April 2025 09:52 PM
නෑ... ආර්ථික අර්බුදය නිසා උපත් අනුපාතය අඩු නිසා.
bakmi Tuesday, 08 April 2025 08:39 AM
හොරට සෞඛ්‍ය වාර්තා හදන රටවල් වලිනුත් ලංකාව ඉදිර්යෙන්ම ඉන්නෙ කියලත් දාන්න.
මුදිත් Tuesday, 08 April 2025 09:02 AM
අවුරුදු 76ක් මොනවද කරලා තියෙන්නේ කියල අහපු උන්දලා දැන් ටයි කෝට දාල ඉන්න අපුරුව. විලි ලැජ්ජාවේ බැහැ! ඇත්තටම බැලුවොත් 76 සාපය මුන්දලාම තමයි .
Upasena. Tuesday, 08 April 2025 09:45 AM
මේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීම. ඒත් අපේ ජනාධිපතිතුමාත් කුණු බැනුම්. වෛරය ක්‍රෝධය පතුරවමින් ඔවුන්ට එරෙහිව සමාජය උසිගන්වන වැඩ.